විදෙස්

ජගත් සංවිධානය අනතුරු අඟවයි

(UTV| කොළඹ) – මේ වන විට බංගලාදේශය තුළ පැන නැගී ඇති තත්ත්වය තවදුරටත් අයහපත් ලෙස වර්ධනය විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු ඇඟවීමක් කරයි.

ඒ ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් මාලදිවයිනේ අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු කියා සිටියේ ජනාධිපති යමීන්ගේ ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදය වෙත එල්ල වූ දැවැන්ත ප්‍රහාරයක් බවයි.

මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු සිය දේශපාලන ප්‍රතිවාදීන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම පියවර ගනු ලැබූවේය.

ඉන් පසු මාලදිවයිනේ පැන නැගුණු තත්ත්වය නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ඊයේ ප්‍රථම වරට සාකච්ඡා කෙරුණි.

එහිදී ආරක්ෂක මණ්ඩලය ඇමතූ ජගත් සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිරොස් ලාව් ජෙන්කා කියා සිටියේ මාලදිවයිනේ අද දැඩි උණුසුම්කාරි වාතාවරණයක් පැන නැගී ඇති බවයි.

එහි පනවා ඇති හදිසි නීතිය වහා ඉවත් කරන ලෙස ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද ජනාධිපති අමීන්ගෙන් ඉල්ලා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත් වේ

Mohamed Dilsad

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසධිතයින් 77 ලක්‍ෂ 39දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment