ප්‍රමුඛ පුවත 1

සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා – ජනපතිගෙන් මහාශිව රාත්‍රී දිනයට සුබ පැතුම්

(UTV| කොළඹ) – අදට යෙදී තිබෙන මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.

”මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල්වන ”ප්‍රඥා ලෝකය පැතිරේවා” යන  ප්‍රාර්ථනයෙන් යුක්තව සමස්ත ලෝකවාසි හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවස ශීලය සමාදම් වන්නා  වූ මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් මෙම සුබපැතුම යොමු කරනුයේ සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා යන  ප්‍රාර්ථනයද සමගිනි.

පංචේන්ද්‍රියන්ට නතුව සිත අයලේ යා නොදී, නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් දේව බැතියෙන් යුතුව ශිව  භක්තිකයන් විසින් පිළිගනු ලබන උපවාස අතර මහාශිව රාත්‍රී උපවාසය සුවිශේෂී තැනක් හිමිකර ගනී. මෙදින  නොනිදා රැය පහන් කරමින් එම කාලය තුළ ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් දැන හෝ නොදැන  තමන් විසින් සිදු කෙරුණා වූ පාපයන්ට සමාව ලැබී දුක්ඛ දෝමනස්සයන් දුරස් වී සිතට ශාන්තියත් නිරත  කාර්යන්හි ජයග්‍රහනයත්,අවසානයේ මෝක්ෂයත් අත්කර ගැනීමට හේතුවන බව ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි.

එසේම මෙම ශිව රාත්‍රී වත්පිළිවෙත් සමඟ මිනිසා තුළ ඇති මමත්වයත්,අහංකාරයත් නැති වී එයින් ස්වකීය ජීවිතය  සුඛිත මුදිත කරගැනීමට අවස්ථාව සැලසෙන බව ශිව බැතිමතුන්ගේ පිළිගැනීම වී තිබේ.

ඒ අනුව මහාශිව රාත්‍රී උපවාසය මිනිස් සිත් සතන් හි හටගන්නා නපුරු සිතුවිලි නැමැති අඳුර දුරලා,ප්‍රඥාව නැමැති  ආලෝකය දල්වාලයි.ඒ අනුව එය මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමට ද මං පාදයි.

මානව සංහතිය යහමඟ යවන්නටත් ආගමික විශ්වාසයන් හා සමාජ යහපැවැත්ම වඩ වඩාත් මිනිස් සමාජය තුළ  තහවුරු කරන්නටත් හේතුවන මහාශිව රාත්‍රී දිනය සමරන ශිව භක්තිකයන් සියලු දෙනාට මාගේ හෘදයාංගම  සුබපැතුම් පිරිනමමි.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සන පුද්ගලයන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි පනවයි.

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

පානදුර උතුර පොලිසියේ ගිනි අවි අස්ථාන ගතවීම ගැන CID යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment