Trending News

ලොව පුරා හින්දු බැතිමත්හු මහා ශිව රාත‍්‍රිය සමරති

(UTV| කොළඹ) – ලොව පුරා හින්දු ජනතාව ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම අද දිනයේ විශේෂත්වයක් වෙයි.

අඳුර ආලෝකයට හැරවූ රාත‍්‍රිය ශිව රාත‍්‍රිය ලෙස හින්දු බැතිමතුන් සලකනු ලබයි.

ශිව රාත‍්‍රිය නිමිත්තෙන් උපවාසයේ නිරත වන හින්දු බැතිමතුන් මධ්‍යම රාත‍්‍රියේ පැවැත්වෙන පූජාවෙන් එම උපවාසය අවසන් කරනු ලබයි.මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද අද දිනට යෙදී ඇති ශිව රාත‍්‍රිය වෙනුවෙන් සමස්ථ හින්දු බැතිමතුන් වෙත මහා ශිව රාත‍්‍රී දින පණිවිඩයක් එක් කර ඇත.

ඒ අනුව, “මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල්වන ප්‍රඥා ලෝකය පැතිරේවා” යන ප්‍රාර්ථනයෙන් යුක්තව සමස්ත ලෝකවාසි හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවස ශීලය සමාදම් වන්නා වූ මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් මෙම සුබපැතුම යොමු කරනුයේ සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනයද සමගිනි.
පංචේන්ද්‍රියන්ට නතුව සිත අයලේ යා නොදීල නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් දේව බැතියෙන් යුතුව ශිව  භක්තිකයන් විසින් පිළිගනු ලබන උපවාස අතර මහාශිව රාත්‍රී උපවාසය සුවිශේෂී තැනක් හිමිකර ගනී.
මෙදින  නොනිදා රැය පහන් කරමින් එම කාලය තුළ ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් දැන හෝ නොදැන  තමන් විසින් සිදු කෙරුණා වූ පාපයන්ට සමාව ලැබී දුක්ඛ දෝමනස්සයන් දුරස් වී සිතට ශාන්තියත් නිරත කාර්යන්හි ජයග්‍රහනයත්, අවසානයේ මෝක්ෂයත් අත්කර ගැනීමට හේතුවන බව ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි.
එසේම මෙම ශිව රාත්‍රී වත්පිළිවෙත් සමඟ මිනිසා තුළ ඇති මමත්වයත්, අහංකාරයත් නැති වී එයින් ස්වකීය ජීවිතය සුඛිත මුදිත කරගැනීමට අවස්ථාව සැලසෙන බව ශිව බැතිමතුන්ගේ පිළිගැනීම වී තිබේ.
ඒ අනුව මහාශිව රාත්‍රී උපවාසය මිනිස් සිත් සතන් හි හටගන්නා නපුරු සිතුවිලි නැමැති අඳුර දුරලා, ප්‍රඥාව නැමැති ආලෝකය දල්වාලයි. ඒ අනුව එය මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමට ද මං පාදයි.
මානව සංහතිය යහමඟ යවන්නටත් ආගමික විශ්වාසයන් හා සමාජ යහපැවැත්ම වඩ වඩාත් මිනිස් සමාජය තුළ  තහවුරු කරන්නටත් හේතුවන මහාශිව රාත්‍රී දිනය සමරන ශිව භක්තිකයන් සියලු දෙනාට මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.” යනුවෙන් එය දක්වා ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

6 சதவீதம் கல்விக்காக ஒதுக்கம்

Mohamed Dilsad

வேலையற்ற பட்டதாரிகள் கொழும்பில் ஆர்பாட்டம்

Mohamed Dilsad

பாகிஸ்தான் வர்த்தகக் கண்காட்சி இன்று ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment