Trending News

රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ වෙළෙඳජාලය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් -ඇමති රිෂාඩ්

(UTV| කොළඹ) – 2018 දී රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ පිරිවැටුම හා ලාභාංශය දෙගුණයක් කිරීම ඉලක්කය බවත් ඒ සඳහා දැනටමත් අපගේ වෙළෙඳජාලය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කරතිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව තුළ යහපත් කළමනාකරණය පිළිබදව වෙනස්කම් රැසක්ම සිදු කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ පිළිබඳව තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ඒ අනුව පත් කළ, සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු නව පාලනාධිකාරිය හා සේවක සෙවිකාවන් සංස්ථාවේ දියුණුව සඳහා නාස්තිය අවම කරමින් උපරිම කැපවීමෙන් යුතුව කාර්යක්ෂමව කටයුතු කිරීම නිසා, වසරින් වසර ලාභය වැඩි කර ගැනීමට හැකි වුණා. ඒ අනුව 2015 වසරේදී රුපියල් මිලියන 10.5 ක ලාභයක් වාර්තා කළ අතර, එය 2016 වසරේදී රුපියල් මිලියන 43.8 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වුණා. එය ගෙවී ගිය 2017 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා වූ මාස 09 කාලය තුළ රුපියල් මිලියන 80.7 (රු.80,668,754.00) දක්වා ලාභය වර්ධනය කර ගැනීමට හැකි වුණා. මෙම ලාභාංශය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 84 ක ප්‍රතිශතයකින් වර්ධනය වීමක් වෙනවා. ඒ වගේම 2017 වසරේදී සංස්ථාව ලැබූ සමස්ත වෙළෙඳ ආදායම රුපියල් මිලියන 3,385.2 ක් වෙනවා. එය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 23 ක වර්ධනයක් වෙනවා යැයි ද අමත්‍යවරයා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Relative of ‘Dematagoda Chaminda’ arrested with heroin

Mohamed Dilsad

Gambhir all praise for his bowling unit

Mohamed Dilsad

Malala Yousafzai receives highest U.N. honor to promote girls education

Mohamed Dilsad

Leave a Comment