ප්‍රමුඛ පුවත 1

දූෂණය පිටු දකින ජනපති සංකල්පය ඵලගන්වන ජනතා වැඩසටහන ඇරඹේ

(UTV| කොළඹ) – දූෂණය, අල්ලස, වංචාව, අක‍්‍රමිකතා සහ නාස්තියට එරෙහි පුළුල් ජනතා වැඩසටහනක් අරඹන බවට ජනාධිපතිතුමා පසුගියදා ලබා දුන් ප‍්‍රතිඥාව අනුව ඒ සඳහා මානවවාදී සියලු ජනතාවගේ අදහස්, යෝජනා සහ කි‍්‍රයාකාරි සහභාගිත්වය ලබාගැනීම ආරම්භ කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (13) පෙරවරුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

සෞභග්‍යමත් නව යුගයක් කරා රට ගෙන යන බලවේගයක් ලෙස දූෂණය, අල්ලස, වංචාව සහ අක‍්‍රමිකතාවයට එරෙහිව පුළුල් දේශපාලන සහ සමාජ සංස්කෘතියක් ගොඩනැගීම, පරිපාලන පද්ධතිය බල ගැන්වීම සහ ශක්තිමත් කිරීම, නීති පද්ධති සහ නීති පසිඳලීමේ ආයතන විධිමත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

ශ‍්‍රී ලාංකික ජාතියේ වර්තමාන අභියෝග පිළිබඳ අවබෝධයෙන් නූතන ජාතියක් ලෙස නැගීසිටීමට අවශ්‍ය ජවය සපයමින් දූෂණයෙන් සහ නාස්තියෙන් තොර ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමාගේ කැපවීම මෙමගින් තවදුරටත් තහවුරු කෙරෙයි.

දූෂණය, වංචාව, නාස්තිය, අල්ලස සහ අක‍්‍රමිකතා දුරලා රට සුවපත් කරන මහා ජනපවුරේ එක් ස්ථම්භයක් ලෙස මෙම ජාතික වැඩසටහනට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කෙරෙන අතර, මේ පිළිබඳ තම වටිනා අදහස් හා යෝජනා 2018 මාර්තු 01 වන දිනට ප‍්‍රථම ,නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහන, ජනාධිපති කාර්යාලය කොළඹ 01, ලිපිනයට හෝ 011-2431502 ෆැක්ස් අංකය ඔස්සේ හෝ zerocorruption@presidentsoffice.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ යොමුකරන මෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 076-4654600 දුරකථන අංකය ඔස්සේ නීතිඥ රජික කොඩිතුවක්කු මහතා හෝ 077-5770882 දුරකථන අංකය ඔස්සේ අ.නි.ර. අමරතුංග මහතා සම්බන්ධකර ගැනීමෙන් ලබාගත හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව පාර්ලිමේන්තුවෙන් ලබාදිය යුතුයි-ජනපති

Mohamed Dilsad

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඇමති රිෂාඩ්ගේ අවධානය

Mohamed Dilsad

විශේෂ තේරිම් කාරක සභාවේ වාර්තාව ලබන මාසයට පෙර

Mohamed Dilsad

Leave a Comment