(UTV| කොළඹ) – අධිවේගී මාර්ගවල අධික වේගය නිරීක්ෂණය කිරීම සඳහා නව මාපක යන්ත්ර කැමරා පද්ධතියක් අද (14) සිට ස්ථාපිත කිරීමට අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය තීරණය කර තිබේ.
මෙම නිරීක්ෂණ කටයුතු රාත්රී කාලයේ ද සිදු කෙරේ.
ඒ අනුව එම පද්ධතිය මගින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර වේග සීමා උල්ලංගණය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථානයේ ස්ථාපිත ටැප් පරිඝනකය හරහා මුද්රණයවීම සිදුවන බව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය පවසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]