ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී නව කර්මාන්ත ඇරඹීමට පහසුකම්

(UTV| කොළඹ) – ඉදිරි කාලය තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී කුඩා හා මධ්‍යම පරිමාණ නව කර්මාන්ත ආරම්භ කිරීමට හෝ අලුත් කර්මාන්තයක් පවත්වාගෙන යන හෝ ව්‍යවසායකයින්ට අවශ්‍ය වන දැනුම, තාක්‍ෂණය මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළඳ අවස්ථා උදාකර දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මීට අමතරව ණය පහසුකම් ලබා දීම, උපකරණ හා අමුද්‍රව්‍ය සඳහා මූල්‍යාධාර ලබා දීම ආදී දිරිගැන්වීම් ද කිරීමට සැලසුම් කර තිබෙන බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

“ආහාර නිෂ්පාදනය සඳහා මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. එම නිසා ආහාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ඉහළ ප්‍රමිතිය ඉතා වැදගත් වෙනවා. එසේම අද ලෝකයේ කර්මාන්තවල නව ප්‍රවණතාව වී තියෙන්නේ පරිසර හිතකාමී හරිත මිතුරු නිෂ්පාදන කර්මාන්තයි. ඒ සඳහා දිරිය ශක්තිය ලබා දීම ඉතාම වැදගත් වෙනවා.

කර්මාන්ත නිසා පරිසරය දූෂණය වෙනවා යැයි පැවසීම අනාගතයේ දී මිත්‍යාවක් බවට පත් වෙනවා නොඅනුමානයි. එම නිසා අපත් අප අමාත්‍යාංශයේ හා ආයතන පද්ධතියේ මඟ පෙන්වීම යටතේ අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යසායකයිනුත් හරිත මිත්‍ර, පරිසර හිතකාමී කර්මාන්ත සඳහා දිරිමත් කරමින් සිටිනවා. එසේම මෙම නව කර්මාන්ත සඳහා රොබෝටික් තාක්‍ෂණය ලබා දීමට ද අප බලාපොරොත්තු වෙනවා. එසේම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තම ප්‍රදේශය තුළම මෙම නව කර්මාන්ත ආරම්භ කරමින් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා උදා කර දෙමින්, කටයුතු කිරීමට අපි පක්‍ෂ – පාට – ජාති – ආගම් භේදයනික් තොරව එක හා සමානව ඔවුන්ට උදව් කරමින් අතහිත දීමට බලාපොරොත්තු වෙනවා.” යැයි ද අමාත්‍යවරයා පැවසිය.

Related posts

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝව සමඟ අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

පසුබෑමට ලක් වූ රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළට

Mohamed Dilsad

සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment