ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර

(UTV| කොළඹ) – 2018 වර්ෂයේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මනා අවකාශයක් සැලසෙන පරිදි හා ඔවුන් විසින් හදාරනු ලබන පාඨමාලාවලට උචිත වන පරිදි විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් වී ඇත.

එම ප්‍රතිපාදන භාවිත කරමින්, පහත සඳහන් යටිතල සංවර්ධන පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ, වවුනියාව මණ්ඩපයේ පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා තෙමහල් ගොඩනැඟිලි 02ක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.

තවද රුහුණ විශ්වවිද්‍යාලයේ, තාක්ෂණවේදය පීඨය සඳහා තෙමහල් දේශන ශාලා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල නිල නිවාස ඉදි කිරීම සිදු වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා සිව්මහල් ‍ගොඩනැඟිල්ලක් ඉදි කිරීම මේ අතර වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

71 වෙනි නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම්….

Mohamed Dilsad

හෙට සිට ත්‍රීරෝද ගාස්තුද නගී

Mohamed Dilsad

ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment