ප්‍රමුඛ පුවත 1

ළමා ආරක්ෂක අධිකාරිය මුදල් ඉපයීමට දරුවන් යොදාගැනීම පිළිබඳ සොයා බලයි

(UTV| කොළඹ) – මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළඳාම් කටයුතු සඳහා යොදවන පාර්ශවයන් පිළිබඳව යොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ ආවේක්ෂණ (Surveillance) කණ්ඩායමක්  දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යොදවා තිබේ.
ළමයින්ගේ, දෙමව්පියන් හෝ භාරකරුවන්ට වුවද ළමයෙකු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වෙළඳාමේ යෙදවිය නොහැක. ඇතැම් ස්ථානවල ළමයින් පෙන්වා ඔවුන්ට දරුණු අසනීප ඇති බව පවසා සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිදුවීම් හා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින්ව වෙළඳාම් කටයුතු සඳහා යොදවා ගැනීමේ සිදුවීම් පිළිබඳ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්ථා වී ඇත.
ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදවා තිබේ.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව මෙන්ම රටේ පවතින නීතිය අනුවද මෙලෙස ළමයින්ව වෙළඳ කටයුතු සඳහා යොදවා ගැනීම වරදක්වේ.
එවැනි සිදුවීම් හරහා ළමයාගේ මනසට විශාල වශයෙන් අහිතකර බලපෑම් ගෙනදෙන අතර එවැනි සිදුවීම් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

ආණමඩුව ආපනශාලාවකට පහර දුන් මැර කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

බස් රථයක ගැටී අවසන් ගමන් ගිය අලි පැටවා

Mohamed Dilsad

Leave a Comment