Trending News

“ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම මගේ අරමුණයි”අගමැති

(උදයම්,කොළඹ) – ජාතික ආණ්ඩුව භාර ගත් පසු අපට යුතුකම් දෙකක් තිබෙන බවත් ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම එම මූලික යුතුකම් දෙක බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සාලියපුර යුධ හමුදා කදවුර ඉදිරිපිට පැවති ජනහමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (28) මේ බව පැවසීය.

ජනවාරි මාසයේ දී අගමැතිකම ගෙන ආණ්ඩුව භාරගන්නා බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ඒකාබද්ධ කල්ලිය ප්‍රකාශ කළා. මම විදේශ ගතවීමට නියමිත දිනවල ආණ්ඩුව බාරගන්නැයි එහිදි මහින්ද රාජපක්ෂ මහතාට පැවසුවා. ආණ්ඩු බාර ගැනීම අවශ්‍ය නැහැ. අපි බලාගෙන ඉන්නම් යැයි දැන් ඔවුන් පවසනවා. එසේ නම් ආණ්ඩුවක් ගන්න බලාගෙන ඉන්නේ කුමකටද ?

 

යහපාලන රජයේ ඇමතිවරුන් නුගේගොඩ රැස්වීමකට එන බවම පැවසුවා. නමුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුයෙකුවත් ආවේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තරඟයට ආවේ නැතිනම් තමා විශ්‍රාම යාමට සූදානමින් සිටි බව නුගේගොඩ රැස්වීමේ දී මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණා. මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කරන්නට හැකියාවක් නැහැ. මම ඒ ගැන කථා කරන්නෙත් නැහැ. මා එම පක්ෂයේ සාමාජිකයෙකු නොවේ. ඒවා පක්ෂය ඇතුලේ විසදාගත යුතුයි. මා කථා කරන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාව ගැනයි.

 

ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ වාර දෙකකින් පසුව විශ්‍රාම යෑම සඳහායි. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා වාර දෙකක් ජනාධිපති ධූරයේ සිට විශ්‍රාම ගියා. ඩී. බී. විජේතුංග  මැතිතුමා එක් වාරයක් ජනාධිපති ධූරයේ විශ්‍රාම ගියා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වාර දෙකක් සේවය කොට විශ්‍රාම ගියා. අප ව්‍යවස්ථාව නිර්මාණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ වුවත් වාර දෙකක් ධූරයේ කටයුතු කොට විශ්‍රාම ගැනීම සඳහායි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් වාර දෙකේ  ක්‍රමය සංශෝධනය කලේ ඇයි? එම ව්‍යවස්ථාව එහෙමම ගෙන තබාගෙන විශ්‍රාම ගියානම් මේ ප්‍රශ්න එකක්වත් ඇති වන්නේ නැහැනේ.

Related posts

Vasudeva’s petition on Hambantota fixed for 13th Feb

Mohamed Dilsad

லக்சிரி செவன வீடமைப்புத்திட்டம் பிரதமர் ரணில் விக்கிரமசிங்கவினால் இன்று பொதுமக்களிடம் கையளிப்பு

Mohamed Dilsad

Sri Lankan born Australian in 2018 Queen’s Birthday Honours list

Mohamed Dilsad

Leave a Comment