ප්‍රමුඛ පුවත 1

69 වන නිදහස් දින සැමරුමට සියල්ල සුදානම්

(උදයම්,කොළඹ) – මෙවර 69 වන ජාතික දින සැමරුමේ  තේමාව ජාතික නිදහස ලෙස නම් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි.
අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
ඒ අනුව ජාතික සමගිය ඇති වන ලෙස දිස්ත‍්‍රික්ක 25 න් දිස්ත‍්‍රික්ක 22 ක සහ කොළඹ නිදහස් දින සැමරුම් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එහි ප‍්‍රධාන උත්සවය කොළඹ ගාලුමෝදර පිටියේ දී ලබන 4 වන දා උදෑසන 8 ට ආරම්භ කිරීමට නියමිතයි.
නිදහස් උත්සවය පිළිබඳ සියළුම රාජ්‍ය දෙපාර්තමේන්තු, ආයතන, සංස්ථා හා පෞද්ගලික අංශයට දැනුවත් කර ඇති අතර ජාතික සමගිය ඇති වන පරිදි ජාතික කොඩිය ප‍්‍රදර්ශනය කර ජාතික දිනය සැමරීමට කටයුතු  සංවිධානය කරන ලෙස චක‍්‍රලේඛනයක් මඟින් දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

Related posts

කොකේන් සමඟ 17 දෙනෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර රංගන ශිල්පිනියකුත්

Mohamed Dilsad

මිලියන10 ක වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයකට මුල්ගල තැබේ.

Mohamed Dilsad

ආයෝජකයන් සඳහා විශේෂ පහසුකම් රැසක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment