ප්‍රමුඛ පුවත 1

දරුවෙකුට පහර දුන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – වයස අවුරුදු  14 දරුවෙකුට පහර දීමේ  සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු හලාවත මුලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද ( 22 ) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

හලාවත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මේ අත්අඩංගුවට ගැනීම අසිදුකළ බව හලාවත පොලිසිය පවසයි.

ඊයේ (21 ) දහවල් හලාවත ජේම්ස් විදීයේදී ඔෂාර හර්ෂමාල් නැමැති මෙම දරුවාට සැකකාර පුද්ගලයා බරපතල ලෙස පහර දී ඇති බවට වාර්තාවේ.
මේ දරුවා තවත් දෙදෙනෙකු සමග උණ පැලයක් කැපීමට යාමේදී සැකකරු මේ පහර දීම සිදු කර ඇත.
පහර දීමෙන් දරුවාගේ කනටද තුවාල සිදුව ඇති බව දරුවාගේ පියා සඳහන් කරයි.
මේ වන විට මේ දරුවා හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබයි .
සැකකරු  අද  හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්ත්‍රී විමල් තවදුරටත් රිමාන්ඩ් භාරයේ

Mohamed Dilsad

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද සුළං

Mohamed Dilsad

ඇල්ල රක්ෂිතයට ගිනි තැබුවාදැයි සොයන්න පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

Leave a Comment