ප්‍රමුඛ පුවත 1

පක්ෂ මාරු කරන පුද්ගලයින්ගේ සභික ධුරය අහෝසි

(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත යටතේ පක්ෂ මාරු කරන පුද්ගලයින්ගේ සභික ධුරය අහෝසි වන බව පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

2018 ‍පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව  නිවේදනයක් නිකුත් කරමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා මේ බව සඳහන් කර තිබේ.

කිසියම් පක්ෂයක ලේකම්වරයෙකු විසින් පළාත් පාලන ආයතනයට තේරීපත්ව ඇති සභිකයෙකු, පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ඇති බවට දැනුම් දුන් විට ඔහුගේ සභිකධුරය අහෝසි කිරීමට හැකියාව පවතින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පෙන්වාදෙයි.
අදාළ නිවේදනයට අනුව පළාත් පාලනආයතන වල සභිකයින්ගේ ධුර කාලය මාර්තු මස 06 වන දින සිට ආරම්භ වීමට නියමිතය.
පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙකු හෝ නගරාධිපතිවරයෙකු පත් කිරීම පළාත් පාලන ආයතනයේ ආසන සංඛ්‍යාවෙන් සියයට 50කට වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඇති පක්ෂයට හෝ ස්වාධින කණ්ඩායමට තීරණය කිරීමේ අවස්ථාව හිමිවන බව අදාල නිවේදනයේ සඳහන් වේ.
පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සියයට 50කට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිව නොමැති පළාත් පාලන ආයතන වල සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා සභිකයින්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගත යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වාදෙයි.
එමෙන්ම පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය තෝරා පත් කරගැනීම 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතට අනුව සිදුවිය යුතු බව ද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
 අදාළ පනතේ සංශෝධන අතීතයට බලපාන පරිදි සිදුකිරීමට නෛතිකමය බාධාවක් පැනනැගී ඇති බැවින් අවශ්‍ය නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී එය නිවැරදි කරගැනීමේ හැකියාව පවතින අතර පැවති ඡන්දය සඳහා එය සංශෝධනය සිදුකළ නොහැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර පළාත් පාලන ආයතන වලට ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් තෝරා පත් කරගතයුතු සභිකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඉදිරි දින දෙක තුළ දැනුම් දෙන බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ ඊට අදාල අවසන් කටයුතු මේ දින වල සිදුවන බවයි.
පක්ෂ වලින් සහ ස්වාධින කණ්ඩායම්වලින් පළාත් පාලන ආයතනවලට පත් කරගන්නා සභිකයින් පිලිබඳව තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව කඩිනමින් එය ගැසට් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදෙස් රැකියා ජාවාරමක නිරත වූ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජවිපෙ ‘‘පාද සටන’’ විරෝධතා පාගමන අද ඇරඹේ

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මීල ඉහළට

Mohamed Dilsad

Leave a Comment