ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාග සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

(UTV| කොළඹ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අදින්(23) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ අදින් පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවය.
2018 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම මේ මස පළමු වෙනිදා ආරම්භ කෙරිණ.
මේ දක්වා අයදුම්පත් යොමු නොකල පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන්ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ද සිය අයදුම්පත් අද දිනය තුළ විභාග දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බව විභාග කොමසාරිස්වරයා පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ ආදර්ශ අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩිවියෙන් ලබා ගත හැක.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වනදා සිට සැප්තැම්බර් මස පළමු වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අදයි

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් අද

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment