ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවටපත් ඉන්දීය ධීවරයින් 20 නිදහස් කිරීමට අනුමැතිය

(UTV| කොළඹ) – නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ දී මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධිවරයින් 129 දෙනෙක් මෙම වසරේ දී අත් අඩංගුවට ගනු ලැබුණු අතර එයින් ඉතිරිව සිටි ධීවරයින් 20 දෙනාද නිදහස් කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනි.
පසුගියදා ධීවරයින් 109 ක් දෙනෙකු නිදහස් කර ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට බාර දෙනු ලැබීය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
මේ වනවිට ඉන්දීය මුහුදු සීමාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙක් ද ඉන්දීය රජය විසින් නිදහස් කර ඇති අතර තවත් 06 දෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවෙති.
ඔවුන්ගෙන් 04 දෙනෙක් ධීවරයින් නොවන අතර මත්ද්‍රව‍්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයන්ය.
කුඩා බෝට්ටුවකින් අත් අඩංගුවට පත් ඉතිරි දෙදෙනා පිළිබඳ විමර්ශන ඉන්දීය රජය විසින් මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

දුමින්ද දිසානායක කොමිසමෙන් කල් ඉල්ලයි

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment