විදෙස්

ශ්‍රීදේවීගේ දේහය අද මුම්බායි වෙත ගෙන ඒමට නියමිතයි(වීඩියෝ)

(UTV| ඉන්දියාව) – අභාවප්‍රාප්ත වුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක වූ ශ්‍රීදේවී කපූර් හට අවසන් ගෞරවය දැක්වීමට ඉන්දීය නළු නිළියන් ඇතුළු රසික පිරිස මග බලා සිටින බව වාර්තාවේ.

අගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම සඳහා ඊයේ (26) මුම්බායිහි සිට ඩුබායි බලා විශේෂ පෞද්ගලික ගුවන්යානයක් ගොස් තිබේ.

ඒ අනුව අද දහවල් වන විට අගේ දේහය මුම්බායි වෙත රැගෙන ඒමට හැකි වනු ඇති බව විශ්වාස කෙරේ.

ඩුබායි හි විවාහ මංගල උත්වයකට සහභාගී වී සිටියදී හෘදයාබාධයක් වැළඳීමෙන් ඇය මිය ගියේය.

ඒ ඩුබායිහි ඇයගේ පවුලේ සාමාජිකයින් සමඟ රැඳී සිටි ජුමයිරා එමිරේට්ස් ටවර්ස්හි හෝටල් කාමරයක නාන කාමරයේ සිහිසුන්ව ඇද වැටීම හේතුවෙනි.

මිය යන විට ඇය 54 වන වියේ පසු වූවාය.

දශක 05 ක් පමණ බොලිවුඩය වර්ණවත් කළ ශ්‍රීදේවි 1963 වසරේ අගෝස්තු 13 වැනිදා ඉන්දියාවේ මදුරාසි නුවරදී උපත ලැබීය.

ඇයගේ මුල් නව ශ්‍රී අම්මා යංගර් අයියප්පන් වු නමුත් ලොව පුරා කා අතරත් ජනප්‍රිය වූයේ ශ්‍රීදේවි නමිනි.

වයස අවුරුදු 04 දී ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ශ්‍රීදේවි හින්දිල දමිළ, තෙලිඟු,මලයාලම් සහ කන්නඩ චිත්‍රපට රැසකට දායකත්වය දී ඇත.

ඇය පිදුම්ලබා ඇති ෆිල්ම්ෆෙයාර් සම්මාන ගණන 05 කි.

ඇය විසින් 1986 වසරේදී නාගීනා චිත්‍රපටයේ කළ විශිෂ්ට රංගනයත් සමග දෙස් විදෙස් රසියකයින් අතර දැඩිලෙස ජනප්‍රියත්වයට පත් විය.

ඇය චිත්‍රපට 150 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති අතර මිස්ටර් ඉන්දියා, චන්ද්නිල චාල්බාස්, මෙන්ම සද්මා වැනි චිත්‍රපට ඒ අතරින් සුවිශේෂයි.

ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනියක වන ශ්‍රී දේවි මහත්මිය ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමන සිව්වන ඉහළම සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන්ද මෙම  පිදුම්ලබා තිබේ.

සුපිරි බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක බොනී කපුර් සමග විවාහ වූ ශ්‍රීදේවි දෙදරු මවකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බංගලාදේශයේ වෛද්‍යවරුන් සිය ගණනකට කොරෝනා

Mohamed Dilsad

රටවල් රැසක් බ්‍රිතාන්‍ය සමග ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

ජගත් මහලේකම්වරයා ලෝක ප්‍රජාවට කළ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment