ප්‍රමුඛ පුවත 1

පාසල් අයදුම්කරුවන්ට ජාතික හැදුනුම්පත ලබා ගැනීමේ දී උප්පැන්න සහතික පිටපත ප්‍රමාණවත්

(UTV| කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනිසිටින පාසල් සිසුන් ජාතික හැදුනුම්පත් ලබා ගැනිමේ දි සිය උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

මේ සඳහා ඉදිරිපත් කළ යුතු වන්නේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් මඟින් සහතික කළ හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමෙන්තුව මඟින් නිකුත් කළ උප්පැන්න සහතික පිටපතකි. එය ඕනැම කාලයකදී ලබා ගත් එකක් වුවත් ගැටලුවක් නැති බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසිය.

මේ පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් මීට පෙර නිකුත් කළ චක්‍ර ලේඛන උප්පැන්න සහතික පිටපත එය මාස 06ක් ඇතුළත ලබා ගත් එකක් විය යුතු බවට සඳහන් කොට තිබේ. එයින් දෙමාපියන්ට ගැටලු රැසක් පැනනඟින තිබිම
නිසා මාස හයේ කාල සිමාව ඉවත් කළ බව ද වියානි ගුණතිලක මහතා මහතා කළේ ය.

මේ නිසා මින් ඉදිරියට තම උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පාසල් අයදුම් කරුවන්ට ජාතික හැඳුනුම්පත පහසුකම් ලබා ගත හැකි බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් පිරිසකට කොළඹට කැඳවීමක්

Mohamed Dilsad

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment