ප්‍රමුඛ පුවත 1

නව අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙති

(UTV| කොළඹ) – නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

කැබිනට් අමාත්‍යවරු

01- අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා    –        නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය

02- ලක්ෂ්මන් කිරිඇල්ල මහතා             –        රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

03- කබීර් හෂීම් මහතා                          –        උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය

04- සාගල රත්නායක මහතා                 –        තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

05- හරීන් ප‍්‍රනාන්දු මහතා            –        විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය

06- රවින්ද්‍ර සමරවීර මහතා          –        තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

01- පියසේන ගමගේ මහතා                   –        තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

02- අජිත් පී. පෙරේරා මහතා        –        බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍ය

03- හර්ෂ ද සිල්වා මහතා   –        ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

01- ජේ.සී. අලවතුවල මහතා        –        ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ඉදිරියේදී ප‍්‍රතිසංවිධානයකට ලක් කරමින් වඩාත් සුදුසු ආයතන යටතට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය. රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් ද ඉදිරියේදී සිදුකරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

රටේ ජනතාවගෙන් ලැබී ඇති පණිවිඩය අනුව රජයේ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම් සිදු කරමින් රටත්, ජනතාවත් වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු ඉදිරි වැඩපිළිවෙළ සාර්ථකව කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වංචා දූෂණවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

Mohamed Dilsad

පුල්මුඩේ හා විල්පත්තු බොරු චෝදනා ගැන ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදි පිළිතුරු දෙයි

Mohamed Dilsad

Leave a Comment