විදෙස්

ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාදයි

(UTV| ඩුබායි) – සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඩුබායි බලධාරීන් ඇගේ දේහය නිදහස් නොකරන බව වාර්තාවේ.

හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී ඇය මිය ගිය බව මේවන විට හෙළිව තිබේ.

ඒ ඩුබායි නුවර මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට ගොස් සිටියදී.

ඇගේ දේහය රැගෙන එන තුරු ඊයේ (26) දිනයේදීත් සිනමා රසිකයන් විශාල පිරිසක් මුම්බායි හි පිහිටි ඇගේ නිවහන ඉදිරිපිට රොක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රීදේවි පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඇගේ සැමියා වන බොනී කපූර් මුම්බායි සිට ඇයව පුදුමයට පත් කිරීමේ අරමුණෙන් පැමිණ පැය කිහිපයක් ඇතුළතය.

නාන කාමරය තුළ දියේ ගිලී සිහි විසංඥව සිටි ඇය රෝහල් ගත කරන විට ද මිය ගොස් සිටි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

ලොව පුරා රටවල් වලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 17 පනී

Mohamed Dilsad

FBI ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු ධුරයෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment