ප්‍රමුඛ පුවත 1

“ඩෙංගු රෝගය මඩින්න නව වැඩපිළිවෙළක් ලබන සතියේ”ජනපති කියයි

(උදයම්,කොළඹ) –  සීඝ්‍රයෙන් හිස ඔසවන ඩෙංගු රෝග මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළට අමතරව නව වැඩපිළිවෙළක් ලබන සතියේ හඳුන්වා දීමට කටයුතු කරන බව ජනපති පවසයි.

මාරාන්තික ඩෙංගු රෝගය නිවාරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් කරමින් හදුන්වා දීමට නියමිත නව වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සියලූ රට වැසියාගේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ජාතික දන්ත (ශික්ෂණ) රෝහලේ පළමු අදියරේ නව මහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ සහ එහි දෙවන අදියරෙහි ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම උදෙසා ඉදිකළ නව රෝහල් කිහිපයක් ඉදිරි දිනවලදී ජනතා අයිතියට පත් කිරීමට රජය සූදානමින් සිටින බව ද ජන ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සියලූ පහසුකම් සැපයීමට රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන්ගේ හිඟකම සෞඛ්‍ය ක්ෂේත්‍රයට බරපතළ ගැටලූවක් ව පවතින බවත් නව පත්වීම ලබන වෛද්‍යවරුන් රෝහල් සඳහා අනියුක්ත කිරීමේ ක්‍රමවේදයේ අභියෝගත් සිහිපත් කළ ජනාධිපතිතුමා එම ගැටලූ මධ්‍යයේ වුවද මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කරන අගනා මෙහෙය ඇගයීමට ලක් කළේය.

Related posts

වැල්ලම්පිටිය අඹතලේ තොටළඟ මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා

Mohamed Dilsad

කාළගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව තවත් විශ්වාසභංගයක්

Mohamed Dilsad

Leave a Comment