ප්‍රමුඛ පුවත 1

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවත්සර උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන සංවත්සර උත්සවය හා විශේෂ කාර්ය බලකායේ 74 වන මූලික පුහුණු පාඨමාලාවේ ආධුනික පොලිස් නිලධාරින්ගේ විසිර යාමේ උත්සවය අග්‍රාමාත්‍ය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසැලේදි පවත්වන ලදි.

මෙම උත්සවයට සමගාමිව විශේෂ කාර්ය බලකායේ 74 වන මුලික පුහුණුව අවසන් කරන ලද ආධුනික පොලිස් නිලධාරින් 169 දෙනෙකු විසිර ගියහ. එම නිලධාරින්ගේ පුහුණු පාඨමාලා කාලසීමාව තුළදී මුලික පොලිස් පුහුණුව, විශේෂ කාර්ය බලකා මුලික පුහුණුව, වන සටහන් අභ්‍යාස, ජිම්නාස්ටික් පුහුණුව, කැරලි මර්දන පුහුණුව, ප්‍රභූ ආරක්‍ෂක පුහුණුව (මූලික සිද්ධාන්ත), ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම හා අවි රහිත සටන් පුහුණුව ආදි පුහුණුවිම් රැසක් සිදුකර ඇත. මීට අමතරව අනුඛණ්ඩ භාර උප පොලිස් පරීක්‍ෂකවරුන් 18 දෙනෙකු හා අනුඛණ්ඩ භාර පොලිස් සැරයන්වරුන් 18 දෙනෙකුද විසිර ගියහ.
මෙහිදි, දක්ෂතම වෙඩික්කරු ලෙස පොලිස් කොස්තාපල් 90741 පල්ලේවෙල නිලධාරියාද, දක්ෂතම නිලධාරියා ලෙස පොලිස් කොස්තාපල් 90752 සේනාරත්න නිලධාරියාද, දක්ෂතම අනුඛණ්ඩ උප පොලිස් පරීක්‍ෂක, ලෙස උප පොලිස් පරීක්‍ෂක ඊ.ජී.ඩී.ඩී.සි. ඇල්ලේපොළ නිලධාරියාද, දක්ෂතම අනුඛණ්ඩ පොලිස් සැරයන් ලෙස පොලිස් සැරයන් 10828 වැදිසිංහ නිලධාරියාද, දක්ෂතම කණ්ඩායම ලෙස අංක 02 හිමි පොලිස් පරීක්‍ෂක, එම්.එල්.සී. දිල්ශාන් නිලධාරියාගේ කණ්ඩායමද ජයග්‍රහණය කල අතර ඔවුනට අගමැතිතුමන්ගේ සුරතින් කුසලාන හා සහතිකපත් පිරිනැමිම සිදුකරන ලදි. මීට අමතරව ජිම්නාස්ටික් සංදර්ශන හා යතුරුපැදි සංදර්ශන වලින් උත්සව භූමිය වඩාත් විචිත්‍රවත් වන්නට විය.
කතානායක කරූ ජයසුරිය, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවිර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන්, කළුතර මහාධිකරණ විනිසුරු කේ.බි.කේ. හිරිඹුරේගම, පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍යනාශක දිසාව භාර සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන් ඇතුළු ප්‍රභූවරුන් පිරිසක්ද උසස් පොලිස් නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

එජාප මන්ත්‍රීවරුන් හමුවක් සිරිකොතදී

Mohamed Dilsad

මත්පැන් සැපයීමේ ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකින්

Mohamed Dilsad

Leave a Comment