ප්‍රමුඛ පුවත 1

තද වැසි-මුහුණ රළු වෙයි, ධීවර හා නාවික කටයුතු විමසිල්ලෙන්

(UTV| කොළඹ) – දිවයිනට දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජවගෙන් ඉල්ලා සිටි.

මුලතිව් සිට මඩකලපුව හරහා සහ හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බවද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපතිවරණය මේ වසර තුල

Mohamed Dilsad

දිවයින අවට තරංගාකාර කැළඹිලි ස්වභාවයක්

Mohamed Dilsad

වේවැල් කර්මාන්තය සුරැකීමට රජයේ සහය ලබා දෙන බව ඇමති රිෂාඩ් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment