ප්‍රමුඛ පුවත 1

කොරියානු විභාගයට පළමු දිනයේදී අයදුම්පත‍්‍ර 3931ක්

(UTV| කොළඹ) – පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කළ පසුගිය 26 දින දිවයින පුරා මධ්‍යස්ථාන 18කදී අයදුම්පත් 3931 ක් නිකුත් කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශය පවසයි.

මාර්තු මස 2 දින තෙක් උදෑසන 9 සිට සවස 4 දක්වා කාර්යාංශයේ අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම, අම්පාර, මඩකළපුව,හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය,පොළොන්නරුව,ති‍්‍රකුණාමලය, තංගල්ල, සහන පියස හා පන්නිපිටිය යන මධ්‍යස්ථානවලදී අයදුම්පත් නිකුත් කරනු ලබයි.

මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වේ. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වා විභාගය පැවැත්වෙන අතර නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා
විභාගය පැවැත්වීමට නියමිතයි. වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය.

අයදුම්පත‍්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක්ද සෙ.මි 3.5×4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3ක් තිබිය යුතුවේ. අයදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර ත විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රි ලංකා
මුදලින් රුපියල් 3772.00 ගෙවිය යුතුවේ.කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැුකියා වෙබ් අඩවියේ වලංගුව පවති.

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වීම කොරියාවේ රැකියාවක් ලැබීමට අනිවාර්යය සුදුසුකමක් නොවන අතර  රැකියා සදහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් අංශයේ පවතින පුරප්පාඩු මත බවත්
ඒ සඳහා ශ‍්‍රී ලංකාවෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත් කාර්යාංශය අවධාරණය කරයි. විභාගය සමත් කිරීමට බලාපොරොත්තු වන සංඛ්‍යාව විභාග ප‍්‍රතිඵල මත තීරණය කෙරෙන අතර සමත්වූවන් සඳහා කුසලතා පරීක්ෂණයක්ද පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අත්‍යවශ්‍යය සේවාවක් කලත් දුම්රිය සේවය වර්ජනයේ [VIDEO]

Mohamed Dilsad

මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පත්වූ මන්ත්‍රීවරු පිළි ගනී

Mohamed Dilsad

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment