ප්‍රමුඛ පුවත 1

විවෘත වෙළෙඳපළ ආර්ථිකය තුළ සමූපකාරය අභියෝග ජය ගන්න සුදානම්

(UTV| කොළඹ) – අපගේ සමූපකාර ව්‍යාපාරය සංවර්ධනය කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය ගෝලීය ඉලක්ක 17 කේන්ද්‍ර කරගෙන බවත්, එවිට විවෘත වෙළෙඳපොළ ආර්ථිකය තුළ සමූපකාර ව්‍යාපාරයට බලපාන අභියෝග ජය ගත හැකි බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ ( 27) කොළඹ ගලධාරී හෝටලයේ පැවති “ආසියානු ශාන්තිකර කලාපයේ සමූපකාර සංවර්ධන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
ආසියානු ශාන්තිකර කලාපයේ සමූපකාර සංවර්ධන සමුළුවේ මෙවර තේමාව වන්නේ තිරසාර සංවර්ධනයට විවිධ සහයෝගී පාර්ශවයන්ගේ හවුල් ව්‍යාපාර ගොඩනගමු යන්නයි. මෙම සමුළුව යුරෝපීය සංගමයේ සහ ආසියානු ශාන්තිකර කලාපයේ ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ සහයෝගයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සමඟ ශ්‍රි ලංකා ජාතික සමූපකාර මණ්ඩලය, සණස ව්‍යාපාරය, ජාතික සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි. මෙම සමුලුවට ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 32 ක් නියෝජනය කරමින් එහි රාජ්‍ය නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.මෙම සමුඑව පෙබරවාරි 28 දක්වා පැවැත්වේ.
ශ්‍රි ලංකාවේ සමූපකාර ව්‍යාපාරය ආරම්භ වන්නේ මීට වසර 112 කට පෙර වර්ෂ 1906  දීය. මේ වන විට ශ්‍රි ලංකාවේ සමූපකාර සමිති 14,500 ක් රට පුරාම ගම් නියම්ගම් සිසාරා විහීදී පැතිරී පවතී. මෙම සමූපකාර ව්‍යාපාරයේ සාමාජිකත්වය මේ වන විට මිලියන 05 ක් ඉක්මවා තිබේ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.
“මට විශ්වාසයි අද මේ සමුළුවට පැමිණ සිටින ආසියානු ශාන්තිකර කලාපයේ රටවල් නියෝජනය කරන ඔබ සැම දෙනාම සමූපකාර ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා විශාල ශක්තිමත් ජාලාවක් කලාපය තුළ ඇති කරාවි කියලා. ඒ වගේම වර්තමාන ලෝකයේ අවධානය යොමු වී ඇත්තේත්, සාකච්ඡාවට භාජනය වී ඇත්තේත්, එක්සත් ජාතීන්ගේ ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්කයන් 17 සමූපකාර ව්‍යපාරයේ සංවර්ධනයට දායක කර ගන්නේ කොහොමද කියලයි. එහි වාසිය හා ප්‍රයෝජනය සමස්ත ලෝකයේම අති බහුතර ප්‍රජාව වෙත ලබා දෙන්නේ කොහොමද කියලයි. එම නිසා රජය හා සමූපකාර ව්‍යාපාරය එක්ව තිරසාර සංවර්ධන අරමුණු සාර්ථකව ළඟා කර ගැනීම පිණිස වැඩ සටහන් දියත් කළ යුතු වෙනවා.
ඒ වගේම අමාත්‍යවරුන්ගේ සමුළුවේදී පවත්වන වැඩි දුර සාකච්ඡා තුළින් අදාල ක්‍රියාවන් එනම්, නිර්දේශ කිරීම් හා බැහැර කිරීම්, ක්‍රියාවට නැංවීම, අවධාරණය කරන්න ඕන. ඒ වගේම මම කැමතියි සඳහන් කරන්න සමූපකාර ව්‍යාපාරය තව දුරටත් පුණ්‍යාධාර සපයන සංවිධානයක් නොවන බව සහ ඔවුන්ගේ උන්නතිය සඳහා සිදු කළ යුතු වියදම් වෙනුවෙන් සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට ඔවුන්ට පුලුවන් විය යුතුයි. ඒ වගේම සමූපකාරය අනෙකුත් තරඟකාරී ආයතන සමඟ තරඟ කළ යුතු අතර, එතුළින් වෙළඳපොළ ආර්ථිකයට හොඳින් මුහුණ දිය යුතුය.
ඒ සඳහා සමූපකාරය යෝග්‍ය උපාය මාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එමඟින් වෙළෙඳපොළ තරඟකාරීත්වය හා තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ව්‍යාපාර හා සේවාවන් විකිණීම තුළ ඉහළ ලාභාංශයකට ඔවුන්ට ළඟා විය හැකියි. ඒ වගේම සමූපකාර ව්‍යාපාරය ඔවුන්ගේ සංස්කෘතිය සහ අනන්‍යතාව මෙන්ම ඔවුන්ගේ මූලධර්ම සහ වටිනාකම් පදනම් කරගෙන ගොඩනගා ගෙන තිබෙන බව අප අමතක නොකළ යුතුයි.
ශ්‍රි ලංකාවේ සමූපකාර ඉතිහාසය ආරම්භ වන්නේ මීට වසර 112 කට පෙර එනම්, වර්ෂ 1906 වසරේදීයි. මේ වන විට සමූපකාර ශාඛා 14,500 ක් පමණ මුළු රට පුරාම විහිදී පවතිනවා. මේ සමූපකාර විවිධ නිෂ්පාදන හා සේවා සපයනවා. විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා සේවා සඳහා ඉඩකඩ ලබා දී තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය බැංකු, රක්‍ෂණ ක්‍රම සහ ගොවි අංශ ක්‍රියාකාරීව පවතිනවා.
ඒ වගේම අපේ සමූපකාරය “ඉක්මනින් විකිණෙන පාරිභෝගික භාණ්ඩ” ක්‍ෂේත්‍රය තුළ කෝප් සිටි (Coop City) ඔස්සේ මේ භාණ්ඩ අලෙවි කිරීම් කර්තව්‍යයේ නිරත වෙනවා. එහි වත්කම ඩොලර් බිලියන 1.8 ක් හෙවත් රුපියල් මිලියන 280,800 ක් සමඟ තවත් ඩොලර් බිලියන 01ක් හෙවත් රුපියල් මිලියන 156,000 ක් ඉතිරිකිරීම් ලෙස තැන්පත් වෙනවා.
මෙම ජාත්‍යන්තර සමුළුව තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක අතර සාමාජීය ආර්ථික සහ සංස්කෘතික දියුණුව, දුප්පත්කම, බඩගින්න දුරු කිරීම, ආහාර සුරක්‍ෂිතතාව, ආරක්‍ෂණය, පරිසරය සුරැකීම වැනි ක්‍ෂේත්‍රයන් කෙරෙහි දැනටමත් විශේෂ අවධානය යොමු කර තිබෙනවා. අපේ සමූපකාර ව්‍යාපාරයේ ව්‍යුහය සහ ජාලය එහි අභියෝග හා ප්‍රශ්නවලට මුහුණ දීමට හැකි වීම පිණිස ශක්තිමත් පදනමකින් යුක්ත වෙනවා. උදාහරණයක් ලෙස ශ්‍රි ලංකාවේ සුනාමි ව්‍යවසනයට මුහුණ දීමේදී සමූපකාර ක්‍ෂේත්‍රය සුවිශාල කාර්යභාරයක් ඉටු කළා.
මම කැමතියි සඳහන් කිරීමට සමූපකාර ව්‍යාපරය ගොඩනැංවීමට වර්තමාන රජය, සියලුම උපකාර කිරීමට සුදානම්. එමඟින් තිරසාර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීම හා සමූපකාර ව්‍යාපාරය සංවර්ධනය කිරීමද කළ හැකි වෙනවා. ඒ නිසා මෙම සම්මන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵල ඉතා ඉක්මනින් ක්‍රියාවට නැංවීම කළ යුතුයි.
 අවසාන වශයෙන් ජනාධිපතිතුමාගේ අනුග්‍රහයටත්, අන්තර්ජාතික සමූපකාර සන්ධානය හා යුරෝපා සංගමය, මෙම සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වීමට සංවිධාන කටයුතු කිරීම පිළිබදවත් ඒ සඳහා සහය දැක්වූ ජාතික සමූකාර සභාවටත් එමෙන්ම අනෙකුත් සමූපකාර සංවිධානවලටත් මා ස්තූතිවන්ත වෙනවා.යැයි පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල දැන් අන්තර් ජාලයේ

Mohamed Dilsad

කෑගල්ල දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

තොරතුරු දැන ගැනීමේ පනත ලබන මස මුල ගැසට් මගින් ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment