ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 67 වසරයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (02) සිය 67 වන සංවත්සරය සමරයි.

1951 මාර්තු 02 වනදා රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස නම් කෙරුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ආරම්භයේදී කිසිදු ගුවන් යානයක් නොපැවැත්වුණද ප්‍රථමයෙන් චිප්මන්ක් යානා 04 කින් තම යානා බලඇණිය සවිමත් කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1990 දශකය වනවිට රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් සිදු කළේය.

මීට අමතරව රටේ විවිධ ආපදා අවස්ථාවන් හිදී ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව විශිෂ්ට දායකත්වයක් ලබා දෙයි.

67 වන සංවත්සරයට සමගාමීව මාර්තු මස 03 වන දින සිට 05 වන දින දක්වා අම්පාර ගුවන් හමුදා කඳවුරේදි “AIR FORCE DAY”, ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය පැවැත්වීමට නියමිත අතර ගුවන් හමුදාධිපතිවරයාගේ අනුදැනුම පරිදි මෙම ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සළසා දි ඇතැයි ගුවන් හමුදාව පවසයි.

ප‍්‍රදර්ශනය හා සැණකෙලිය තුලින් ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, තූර්ය වාදන සංදර්ශන, සරඹ සංදර්ශන, සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට නියමිත වේ. මෙම සංදර්ශනය සහ සැණකෙලිය දිනපතා සවස 02.00 ට ආරම්භ කරන අතර රාති‍්‍ර 11.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 මාර්තු මස 02, 03 සහ 04 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

HMH නවාවී ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

යුද හමූදා රෝහලට ISO ප්‍රමිති සහතිකය

Mohamed Dilsad

Leave a Comment