ප්‍රමුඛ පුවත 1

ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම්ලාභීයා වන ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය මාර්තු 01 වනදාට යෙදී තිබෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නියෝජ්‍ය තැපැල්පති (පාලන) වී. විවේකානන්දලිංගම් මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න යන මහත්වරුන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කළුතරට ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජලය අත්හිටුවයි…

Mohamed Dilsad

ඊ-හෙල්ත් කාඩ්පත අද සිට හඳුන්වා දෙයි

Mohamed Dilsad

බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවූ රියදුරුට ඇප…

Mohamed Dilsad

Leave a Comment