Trending News

උනා මැකෝලි මහත්මියගේ අභාවය වෙනුවෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශෝක පණිවුඩය

(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක (Una McCauley) උනා මැකෝලි මහත්මියගේ අභාවය පිළිබඳ  සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

යූනා මැකෝලි මහත්මියගේ හදිසි වියෝව අසා තමන් දැඩි කම්පනයට පත්වූ අතර ඇයගේ වියෝව ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් බව අමත්‍යවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වශයෙන් ඇය විසින් අවස්ථා කීපයකදීම මෙරට දිළිදු ජනතාව මෙරට අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කාර්යයේදී  මෙරට වෙනත් ගැටළු විසදීම සඳහා ඇය මැදිහත්වී කටයුතු කල ආකාරය අපට අමතක කල නොහැකි බව අමාත්‍යවරයා පවසයි .

ශ්‍රී ලංකාව වෙනුවෙන් තම කාලය ශ්‍රමය වය කරමින් මෙතරම් සේවාවක් ඉටු කිරීමට මැදිහත් වූ යූනා මැකෝලි මහත්මියගේ අභාවය වෙනුවෙන් ඇයගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ කණගාටුව ප්‍රකාශ කිරීමට මෙය අවස්තාවක් කර ගන්න බවද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිය ශෝක පණිවුඩයේ සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Kuwaiti sponsor agrees to pay Sri Lankan aid 4 years of neglected payments

Mohamed Dilsad

Two suspects having links with Palai JMO arrested

Mohamed Dilsad

Special train services for Poson season

Mohamed Dilsad

Leave a Comment