ප්‍රමුඛ පුවත 1

තඹුත්තේගම ප්‍රහාරය ජවිපෙ හෙලා දකී

(UTV| කොළඹ) – පසුගිය 28දා ගොවි ජනතාව තඹුත්තේගමදී පැවැත්වූ උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය ලවා ප‍්‍රහාර එල්ල කොට ගොවීන් 50කට ආසන්න ප‍්‍රමාණයක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර කිරීමේ සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනය වැඩිදුරටත් මෙසේ දැක්වේ.
“රාජාංගන පානීය ජල ව්‍යාපෘතියක් පිළිබඳ ගැටලූවක් මුල්කරගෙන ඊට විරෝධය දැක්වීම සඳහා පසුගිය 28දා ගොවි ජනතාව තඹුත්තේගමදී පැවැත්වූ උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය ලවා ප‍්‍රහාර එල්ල කොට ගොවි-ගෙවිලියන් 50කට ආසන්න ප‍්‍රමාණයක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත. තම ගැටලූවකට ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමුකර එය විසඳා ගැනීම සඳහා උද්ඝෝෂණය කළ ජනතාවට පොලීසිය ලවා ආණ්ඩුව එල්ල කළ අමානුෂික ප‍්‍රහාරය අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.
අපේ රටේ ආණ්ඩු හැමවිටම ජනතාවගේ දෑස් වසා ජනතාවට හානිකර ව්‍යාපෘති අරඹා ඇති බව ජනතාව අත්දැකීමෙන් දනී.  ජලය පිළිබඳ ප‍්‍රශ්නයේදී ගොවි ජනතාවට අයිති ජල සම්පත සමාගම්වලට විකිණීම ආණ්ඩුවල ප‍්‍රතිපත්තිය වී තිබේ.
තමන් නොදන්නා රහසිගත ජල ව්‍යාපෘතියකදී ජනතාව ඊට එරෙහි වන්නේ ඒ නිසාය. එය සාධාරණය. වගකිව යුතු ආණ්ඩුවක් නම් කළ යුතුව තිබුණේ, එක්කෝ අදාළ බලධාරීන් මැදිහත් වී ගොවි ජනතාවට කරුණු අවබෝධ කරදී ඔවුන්ගේ සැකය දුරු කිරීමය.
නැත්නම් මෙම ජල ව්‍යාපෘතිය හානිකර වූවක් නම් නවතා දැමීමය.
එහෙත් ආණ්ඩුව කටයුතු කළේ එසේ නොවේ. අධිකරණ වාරණ නියෝග ගත් ආණ්ඩුව, පොලීසිය ලවා උද්ඝෝෂණය කළ ගොවි ජනතාවට එලව එලවා පහර දුන් අතර අවසානයේ 50කට ආසන්න ප‍්‍රමාණයක් රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.
ඒ අතර ජල ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළ බවද කියයි. එය මුලින්ම සිදුකළේ නම් මේ කිසිදු ගැටලූවක් මතුවන්නේ නැත.
ගොවි ජනතාව පහර කන්නේ හෝ සිරගත වන්නේ නැත. එහෙත් ආණ්ඩුව කටයුතු කළේ ‘මහදැනමුත්තාගේ’ක‍්‍රමයටය. පොදු ජනතාවගේ ගැටලූවට ඇහුම්කන් නොදීමත් තම ගැටලූ සඳහා උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ගවල නිරතවන  ජනතාව අධිකරණ නියෝග මත මර්දනය කිරීමත්, ඔවුනට කඳුළු ගෑස් ජල ප‍්‍රහාර හා බැටන් ප‍්‍රහාර එල්ල කරවීමත් අපේ රටේ සියලූම ආණ්ඩුව ජානගත ලක්‍ෂණය වී තිබේ.
“විපක්‍ෂයේ සිටින විට ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන ධනපති නායකයන් බලය අතට ගත්විට හැසිරෙන්නේ බැටන් පොලූවලින් වෙඩි උණ්ඩවලින් ප‍්‍රශ්න විසඳිය හැකි යැයි සිතාය. මේ ආණ්ඩුවද එවැනි මුග්ධ ආණ්ඩුවක් බව පැහැදිලිය”.
යනුවෙන් එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම 95% ක් අවසන්

Mohamed Dilsad

එජාප මහලේකම් ඉවත් වෙයි

Mohamed Dilsad

පොල්තෙල්, ෆාම් ඔයිල් වල මිල ගණන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment