ප්‍රමුඛ පුවත 1

කොරියානු විභාගයට අයදුම්පත් නිකුත් කිරීම අදින් අවසන්

(UTV| කොළඹ) – කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (02) න් අවසන් වේ. අයදුම්පත් නිකුත් කිරීම පසුගිය 26දා  ආරම්භ විය.
ඒ අනුව අයදුම්පත් දිවයින පුරා පිහිටි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන 18 කදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරේ.
මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වේ. මෙවර කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතය.
වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය. අයදුම්පත‍්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක්ද, සෙ.මි 3.5×4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3ක් තිබිය යුතුවේ. අයදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර, විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 3,772.00 ගෙවිය යුතුවේ.
කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ  වලංගුව පවති.
කොරියාවේ රැකි රක්ෂා හා කම්කරු අමාත්‍යංශයත් ශ‍්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශයත් අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා හිමි වේ.
කොරියානු රැකියා ශ‍්‍රී ලංකාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ විදේශ රැකියා අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවයි

Mohamed Dilsad

සහෝදරත්වය සඳහා වූ බුද්ධිමය සංවාදය මහනුවරදී.

Mohamed Dilsad

ගොතටුව වෙඩි තැබිමකින් අයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment