ප්‍රමුඛ පුවත 1

ජනපති මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට

(උදයම්,කොළඹ)  – මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට ලක් වෙයි.

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ බව සදහන් කෙරිණි.

පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවමින් එහි පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන් පිළිබද පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඥානරතන ස්වාමින් වහන්සේ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය විශේෂ ස්තූතිය පළ කළහ.

විහාරස්ථාන මුල්කරගත් තිරසර සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡුාවට ලක් විය.

දහම් පාසල් අධ්‍යාපනය සදහා විෂය මාලාව සංවර්ධනය කිරීම හා ක‍්‍රමවත් කිරීම පිළිබදව ද අවධානය යොමු වූ අතර අපගේ අනාගත පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැගීම සදහා දහම්පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ශී‍්‍ර ලංකාව ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජයක් ලෙස ඉටුකළ හැකි සෑම වගකීමක්ම ඉටුකරන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

ශී‍්‍ර ලංකාවේ පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂුන් වහන්සේලා සදහා දානය පිළියෙළ කරගැනීමට ලිට්රෝ ආයතනය මගින් ලිප් සහිත ගෑස් නළ පද්ධතිය සවිකිරීම හා ගෑස් සිලින්ඩර් ලබාදීමේ වැඩසටහනට අදාළ ලිපිය ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු කෙරිණි.

Related posts

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට

Mohamed Dilsad

අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමූවොත් වැඩ වැරදී

Mohamed Dilsad

දකුණු පළාත් සභා මන්ත්‍රී කසුන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment