Trending News

ආහාර, ඇසුරුම් සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය අද සිට

(UTV| කොළඹ) – 17වන වරටත් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර, ඇසුරුම් සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය (Pro Food, Pro Pack & Ag – Biz – 2018) අද (03) සිට ලබන 05දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වේ.
මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියා සහ චීනය නියෝජනය කරන විශාල ප්‍රමාණයේ ව්‍යාපාරික ආයතනයන් 80ක් පමණ සහභාගිවීමට නියමිතය. මෙවර ප්‍රදර්ශනයේ දී දේශීය මෙන් ම විදේශීය ආහාර නිෂ්පාදනකරුවන් වෙනුවෙන් ප්‍රදර්ශන කුටි 350කට වැඩි සංඛ්‍යාවක් වෙන් කර තිබේ.
ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සර්විසස් පුද්ගලික සමාගම ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

29 More acres released to the public in Jaffna

Mohamed Dilsad

இராஜாங்க அமைச்சுக்களுக்கு செயலாளர்ளை நியமிக்க அனுமதி

Mohamed Dilsad

Jamal Khashoggi: Saudis sentence five to death for journalist’s murder

Mohamed Dilsad

Leave a Comment