ප්‍රමුඛ පුවත 1

දෙහිවල සත්වෝද්‍යානයට නව සත්ව විශේෂ රැසක්

(UTV| කොළඹ) – ඉදිරියේ දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු හා මිලදීගැනීමේ ක්‍රම යටතේ සතුන් රැසක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

ඒ අනුව කැංගරු විශේෂ, චීටා, වඳුරන්, ජිරාෆ් වැනි සත්ව විශේෂ ප්‍රදානයන් ලෙසින් ලබාගැනීමට වෙනත් රටවල් සමග අවශ්‍ය සාකච්ඡා පවත්වා ඇති බවත් සත්ව හුවමාරු ක්‍රමය යටතේ නව සර්ප විශේෂ රැසක් ද ඉදිරියේ දී ලබාගැනීමට නියමිතව ඇති අතර සර්පයන් වෙනුවෙන් බහුලව ඇති සර්ප විශේෂ එම රටවල් වෙත ලබාදීමට කටයුතු කෙරේ.
එමෙන් ම කුරුළු විශේෂ, අශ්ව හා පෝනියන් වැනි සතුන් විදෙස් රටවල්වෙතින් ගෙන්වන ආයතන වෙතින් මිලදීගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට අඳාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

ඩුබායි වලින් ගෙන්වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

ෆේස් බුක් සාදයක සිටි පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment