ප්‍රමුඛ පුවත 1

සමුද්‍රීය පරිසර සභාව පළමු වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

(UTV| කොළඹ) – සමුද්‍රීය පරිසරය සුරැකීමේ නව මානයන් සම්බන්ධව උපදෙස් දීම සදහා සමාජයේ සියලූම ක්ෂේත්‍රවල උගතුන් සහ ක්‍රියාකාරීන් නියෝජනය වන පරිදි සමුද්‍රීය පරිසර සභාවක් පිහිටුවීමට කටයුතු කර තිඛෙන අතර එය පළමුවරට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

2008 අංක 35 දරණ සමුද්‍රීය දූෂණ වැලැක්වීමේ පනතින් ස්ථාපිත වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමුද්‍රීය ආරක්ෂණ ප්‍රතිපත්ති, නීති, රෙගුලාසි සහ ව්‍යාපෘති සැකසීම හා ක්‍රියාත්මක කිරීම සිදු කරමින් සිටී. අධිකාරියට එහි බලතල, කාර්යයන් සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම හා ඉටුකිරීම පිළිබද අදාල කාරණා සම්බන්ධයෙන් උපදෙස් දීම සහ අධිකාරිය විසින් සභාව වෙත යොමු කරනු ලැබූ යම් කාරණා පිළිබද උපදෙස් දීම සමුද්‍රීය පරිසර සභාවේ කර්තව්‍යයයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වර්තමාන කි්‍රයාකාරකම් හා වසර 2030 දක්වා ඉදිරි වැඩපිළිවෙළ පිළිබ`දව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මහතා විසින් මෙහිදී පැහැදිළි කරන ලදී.
එක්සත් ජාතින්ගේ ,පිරිසිදු සයුර, වැඩසටහන (Clean Seas Campaign) ලබන ඔක්තෝබර් මාසයේදී ඛෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රමුඛ රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිඛෙන බව ද මෙහිදී සදහන් කෙරිණි.
ඊට අදාළව පැවරී ඇති පුථල් වගකීම ඉටුකිරීම සදහා සමුද්‍රීය පරිසර සභාවේ දායකත්වය අපේක්ෂා කරන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ වාර්ෂික සැළැස්මක් ඔස්සේ සභාවේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි.
සමුද්‍රීය පරිසර සභාවේ සභාපති එල්.පී. ජයම්පති මහතා ඇතුථ එහි සාමාජික, සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභය රාජපක්ෂ අද (10) විශේෂ මහාධිකරණය හමුවට

Mohamed Dilsad

නීති විරෝධීව මෙරට ගෙන්වූ බීඩී කොළ කිලෝ ග්‍රෑම් 11 ,000ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ළමුන් පාසැල් වලට ඇතුළත් කිරීමේදී අදායම් බදු ගෙවන්නන්ට විශේෂ සැලකිල්ලක්

Mohamed Dilsad

Leave a Comment