ප්‍රමුඛ පුවත 1

ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් ඇතිකරගන්න එපා – ආරක්ෂක ලේකම්

(UTV| කොළඹ) – ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සළසා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයේ කරුණු පහැදිළි කිරීමට ඊයේ (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසිය.

අරක්ෂක අංශ මහනුවර ප්‍රදේශයේ යොදවා තිබෙනවා.ජනතාව අතර තැතිගැන්මක් ඇති වී තිබෙනවා. විශ්වාසයක් තබාගන්න. බිය වැද්දීම කිරීම නරකයි. ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සළසා තිබෙනවා.බිය වන්න එපා. ආරක්ෂාවට

පොලීසිය හා ආරක්ෂක අංශ සිටිනවා. ඇදිරි නීතිය අවසන් වූ පසු එදිනෙදා කටයුතු කළ හැකියි.ජනතාව බිය නොවී විශ්වාසයෙන් සිටින්න. අනවශ්‍ය දෙයකට හෝ අනුබල දීමකටවත් යන්න එපා. මහජනතාවට අපහසුතාවයක් ඇති නොවන ආකාරයට අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කරගැනීමට හකි වන ලෙස අවශ්‍ය විධිවිධාන ලබාදී තිබෙනවා යැයි ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“සජිත් සමාජ විප්ලවය” මහනුවරදී එළිදැක්වෙයි [VIDEO]

Mohamed Dilsad

රසායනික ද්‍රව්‍ය ගබඩාවක හදිසි ගින්නක් [VIDEO]

Mohamed Dilsad

දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමසාරිස් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment