ප්‍රමුඛ පුවත 1

උපාධි අධ්‍යාපනයට ණය ඉල්ලීම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට  සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය ලබා දීම සදහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් කරන ලද ඉල්ලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකගතාවය පළ කර ඇත.

මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් හදුනාගත් ආයතන අටක පාඨමාලා 38 ක් හැදෑරීම සඳහා ලංකා බැංකුව මගින් මෙම ණය පහසුකම සපයනු ඇත.

සිසු සිසුවියන් 5000 ක් සඳහා මෙම ණය පහසුකම ලබා දීමට තීරණය කර ඇති අතර වසර හතරක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 8 ක මුදලක්ද, වසර තුනක කාලයක් සඳහා ලක්ෂ හයක මුදලක් ද මේ අනුව ණය ලෙස ප‍්‍රදානය කිරීමට නියමිතය.

ඊට අමතරව සිය අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් හැත්තෑපන් දහසක මුදලක් ද වසරකට ණය වශයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.

මෙම ණය සඳහා පොලී ගෙවීම රජය විසින් සිදු කරනු ලබන අතර ගත් ණය නැවත ගෙවීම සිදුවන්නේ උපාධිය ලබා වසරක් ගතවීමෙන් ඉනික්බිතිවය. ඒ සඳහා ද වසර හතක කාලයක් ලබා දෙනු ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය දැඩි කැපවීමකින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවන ලැබුවද මේ සඳහා තරගකාරී ඉල්ලීමක් තබා ප‍්‍රමාණවත් පරිදි ඉල්ලීම් කිරීමක්ද දකින්නට නොලැබෙන අතර, ඉකුත් වසරේද මේ අවස්ථාවෙන් සිසු සිසුවියන් ප‍්‍රයෝජනයක ලබා නොගත් ආකාරයෙන්ම මේ වසරේද එතරම් ඉල්ලිමක් දකින්නට නොලැබීම සැළකිල්ලට ගෙන අමාත්‍යවරයා තවත් සතියක් ඒ සඳහා ඉල්ලුම් කිරීමට ඇති කාලය දිගු කර දෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී එම පාඨමාලා සඳහා ඉල්ලීම් කළ හැක්කේ අන්තර්ජාලය හරහා පමණක් බවත් සියලු තොරතුරු www.studentloan.mohe.gov.lk   ඔස්සේ ලබාගත හැකි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටියේ පෙත්සම ප්‍රතික්ෂේප වේ

Mohamed Dilsad

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයි

Mohamed Dilsad

“ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට සුදානමක් නෑ”විෂය භාර ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment