ප්‍රමුඛ පුවත 1

පවුලක් නොමැති දරුවන්ගේ රැකවරණයට විශේෂ වැඩසටහනක්

(UTV| කොළඹ) – ළමයින් ආයතනගත කිරීම සිදුකළ යුත්තේ අවසාන විකල්පය වන විට දී පමණක් බවත් පවුලක් නොමැති දරුවන්ට රැකවරණය ලබා දීම සඳහා සමාජය ඒකරාශී විය යුතු යැයැ පෙන්වාදෙන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 20වන වගන්තිය ප්‍රකාරව පවුලක් නොමැති දරුවන්ගේ රැකවරණය සඳහා ඔවුන්ට විශේෂ පවුලක් සොයා දීම හෝ ළමයාගේ සංස්කෘතික පසුබිමට ගැළපෙන සුදුසු ස්ථානයක් ලබා දීම රජයේ වගකීමක් ලෙස සැළකිය යුතු යැයි පෙන්වා දෙයි.

ඒ සඳහා සමාජය ඒකරාශී කර මුළුමහත් ප්‍රජාවේ සහයෝගය ඊට ලබා ගැනීම ඉතා වැදගත් වේ.
ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කර තිබෙන අතර, එහි මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මෙම වැඩපිළිවෙළ තුළ දී ළමයින් ආයතනගත කිරීමට බලපාන සාධක පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට සොයා බැලෙන අතර, සොයාගන්නා වූ එම ගැටළු සඳහා අවශ්‍ය කරන විසඳුම් පිළිබඳව  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව රජයට යෝජනා ඉදිරිපත් කරනු ලැබේ.
ළමයින් ආයතනගත කිරීම සමස්තයක් ලෙස අවම මට්ටමකට රැගෙන ඒම සඳහා සියලු පාර්ශවයන් ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතු අතර, පවුලක් නොමැති දරුවන්ට රැකවරණය ලබා දීම සඳහා සමාජයේ සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු ය. ඒ මඟින් ළමා නිවාස වැනි ආයතන ආශ්‍රිතව සිදුවන අපයෝජන අවම කර ගැනීමට ද හැකියාව ලැබෙනු ඇතැයි ද එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
විශේෂයෙන් ළමා නිවාස ආශ්‍රිතව හෝ වෙනයම් ස්ථානයක් ආශ්‍රිතව ළමයින් කායික, මානසික, ලිංගික හෝ නොසළකා හැරීම් ආදී වශයෙන් අපයෝජනයට ලක් කරන්නා වූ සිදුවීම් පිළිබඳව තොරතුරු ඇතොත් වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කරන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටී.
ආයතන ගත කර ඇති ළමයින්ට සිදුවන විවිධාකාර අපයෝජන පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු වාර්තා වී තිබේ. ආසන්නම සිදුවීම් ලෙස හබරාදූව ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 05 දෙනෙකු ලිංගික අතවරයකට ලක් කිරීම හා කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ළමා නිවාසයක ළමයින් 18 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම දැක්විය හැකි ය. එම සියලු සිදුවීම්වලට අදාළ විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී ඇති බලතල අනුව නියාමනය කරනු ලැබේ.‍

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට දින ජාතික ශෝක දිනයක්

Mohamed Dilsad

උඩවලවට බලහත්කාරයෙන් ඇතුළුවීමට හැදු දෙදෙනුකු අත්අඩංගුවට

Mohamed Dilsad

රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment