ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ජනපති ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා හමුවෙයි

(UTV| කොළඹ) – ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් රාෂ්ට‍්‍රපතිභවන්හි දි පැවැත්විණි.

සූර්ය බලශක්ති සමුළුව සඳහා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වය මහත් ගෞරවයක් බව සඳහන් කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර සූර්ය බල සමුළුවෙහි පණිවුඩය මුළු ලෝකයට රැගෙන යාමට එක්ව කටයුතු කිරීමට සහය දක්වන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ගෙවුණු වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා වඩ වඩාත් ශක්තිමත් වූ බව සිහිපත් කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා, ඉදිරියේදී මෙම සබඳතා ආර්ථික වශයෙන් ද ශක්තිමත් කිරීම වැදගත් බව පෙන්වා දුන්නේය.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මෙම අවස්ථාව සඳහා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද දෙරටේ තානාපතිවරුන් ද එක්ව සිටියහ.

මෙම හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම් මහතා අතර හමුවක් ද පැවැත්විණි.

එහිදී පරිසර සංරක්ෂණය, දේශගුණ හා කාලගුණ විපර්යාස, සමුද්‍ර දූෂණය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරුණු අතර, ශ‍්‍රී ලංකාව පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කොට ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

ශ‍්‍රී ලංකාව තුළ 28% දක්වා පහත බැස ඇති වන ගණත්වය 32% දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ පෙන්වා දුන් ජනාධිපතිතුමා, වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් ගුවන් හමුදාව විශේෂ නිරීක්ෂණ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවත්, සෑම දෙසතියකට වරක් ගුවන් හමුදාව මගින් ඒ සම්බන්ධ වන වාර්තාව තමා වෙත ලබාදෙන බවත් ප‍්‍රකාශ කළේය.

සමුද්‍ර දූෂණය බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති පසුබිමක ශ‍්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් වැලි ගොඩ දැමීම, පස් කැපීම හේතුවෙන් වන පාරසරික ගැටලු පෙන්වා දුන් ජනාධිපතිතුමා, ඒ සඳහා තාක්ෂණික විකල්ප හා යෝජනා අප රටට හඳුන්වා දෙන ලෙසට ද එරික් සොල්හයිම් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

නෝර්වේ රාජ්‍ය හා ශ‍්‍රී ලංකාව අතර පැවති සමීප සබඳතා පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරිණි.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව මේ වනවිට ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව එරික් සොල්හයිම් මහතා ජනාධිපතිතුමා වෙත සිය ප‍්‍රසාදය පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංකාව ගැටුම්වලින් තොර සාමකාමී රටක් බවට පත් කිරීමට සිංගප්පූරුවෙන් පූර්ණ සහය

Mohamed Dilsad

ඉදිරියේදී රියදුරු පරීක්‍ෂාව බාහිර ආයතන දෙකකට

Mohamed Dilsad

රජයේ සංවර්ධන ව්‍යාපෘති ගැන ජනතාව දැනුවත් කිරීම මදි – ඇමති සාගල කියයි

Mohamed Dilsad

Leave a Comment