ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදයේ ගිය පිරිසක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිහතරදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.

හැටන් පොලිස් කොටිඨාසයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව හැටන් කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශයේදි පසුගිය 10 වනදා පස්වරුවේ සිදුකළ පරික්‍ෂාවකදි මෙම සැකකරුවන් සැකපිට අත්අඩංගුවට ගැනිමට හැකිවි තිබේ.

එම සැකකරුවන් ලග තිබි කේරල ගංජා මිලිග‍්‍රෑමි 22,455ක් අත්අඩංගුවට ගත් බව එම වැටලිම කළ නිලධාරින් කියා සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, කුරුණෑගල, මාතලේ, මීගමුව, ගලේවල යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු විස්සත් තිස්පහත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බව හැටන් පොලිසිය කියා සිටියි.
සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (11) හැටන් වැඩ බලන මහේස්ත‍්‍රාත් එස්. රාමිමුර්ති මහතා වෙත කිරිමෙන් අනතුරුව එම සැකකරුවන්ගෙන් හත්දෙනෙකු අද (12) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරිමටත් සෙසු සැකකරුවන් ඇප මත මුදාහැර ඔවුන්ට මේ මස (13) වන දින අධීකරණය හමුවේ පෙනි සිටින ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෙහෙළිය නගන දේශපාලන අවලාද හෙලා දකිනවා [VIDEO]

Mohamed Dilsad

මෙරට ප්‍රදීපාගරයන් සහිත විශේෂ මුද්දර 04 ක් එළි දැක්වේ

Mohamed Dilsad

අද සිට රාජගිරියේ නව බස් රථ ධාවන සැලැස්මක්…

Mohamed Dilsad

Leave a Comment