ප්‍රමුඛ පුවත 1

තාක්ෂණයෙන් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩනොදිය යුතුයි – ඇමති වජිර කියයි

(UTV| කොළඹ) – තාක්ෂණය ඔස්සේ මාධ්‍ය තුළන් ලෝකයෙත් ලංකාවෙත් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩදිය නොහැකි බවත් ඒ සඳහා අනාගතයේ නීති රීති සම්පාදනය කළ යුතුව ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පිළිබඳව අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර තිබේ.

කවුරු හෝ පිරිසක් ජාතිවාදී ඉලක්ක ඔස්සේ ක්‍රියාකරනවා නම්, ඒවා පාලනය කිරීමට අවශ්‍ය කටයුතු රජය හැටියට කටයුතු කරගෙන යනවා. ලංකාවේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සඳහා නීති රීති සම්පාදනය කළ යුතුව
තිබෙනවා.

මැතිවරණයකදී කඩදාසියක් බෙදන්නත් කවුරුන් හෝ මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදී කියලා තියෙන්න අවශ්‍යයි. වෙබ් අඩවිවලත් යමක් ප්‍රකාශ කරනවා නම්, කවුරු හෝ දුරකතන අංකයෙන් නමින් හෝ ලිපිනයෙන් වගකීම භාරගත යුතුව තිබෙනවා. එසේ නොමැතිව මාධ්‍ය තුළන් තාක්ෂණය ඔස්සේ ලෝකයෙත් ලංකාවෙත් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩදිය නොහැකියි. ඒ සඳහා සියලු නීති රීති අනාගතයේ සකස් කළ යුතුව තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙටින් අවසන්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස සහ පාක්ෂිකයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

උෂ්ණාධික කාලගුණ තත්ත්වය තව මාස 02 ක් පවතී.

Mohamed Dilsad

Leave a Comment