ක්‍රීඩා

ඉන්දියාවට කඩුළු 6ක ජයක්

(UTV| කොළඹ) – නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 19 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 152 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය. දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි කුසල්, යුස්වින්දර් චාහාල්ගේ පන්දුවක් හමුවේ මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි රෝහිත් ශර්මාට ඉතා පහසු උඩපන්දුවක් දෙමින් දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු අවශ්‍යම වී තිබූ අවස්ථාවකදීය.

ලකුණු 34 කට කඩුලු 2 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට මුහුණපා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම තත්ත්වයෙන් මුදවාගත් කුසල්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග (22) සමග එක්ව පන්දු 45 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. කඩුල්ල තුළටම යොමු කළ පන්දුවකින් තරංග දවාගත් විජේ ශංකර්, එම සම්බන්ධතාව නිමා කිරීමට සමත් වූ අතර දැවීයන විට තරංගගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත වී තිබිණ.

හයේ පහරක් සමගින් ලකුණු 17 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමට සිදුවූයේ ශර්දුල් ඨාකුර්ගේ පන්දුවක් හමුවේ වේගයෙන් ගැසූ පහරකින් මිඞ් විකට් කළාපය දෙසට ඇදී ගිය පන්දුව විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට සුරේෂ් රයිනා සමත් වීම හේතුවෙනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.  

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මනීෂ් පාණ්ඬේ (නොදැවී 42) සහ දිනේෂ් කාර්තික් (නොදැවී 39) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ. පන්දු 31 කට මුහුණදුන් පාණ්ඬේ හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර අතර පන්දු 25 කට මුහුණදුන් කාර්තික්ගේ ඉනිමට හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක රෝහිත් ශර්මා (11) සහ ශිකර් ධවාන් (8) පිටියෙන් ඉවත් කළ අකිල ධනංජය තරගය කණ්ඩායම් දෙකටම විවෘත එකක් බවට පත්කළේය.

එහෙත් ඉන් පසුව පිටියේ එක්වූ ලොකේෂ් රාහුල් (18) සහ සුරේෂ් රයිනා (27) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මානසික වශයෙන් ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගන බව ක්‍රීඩා ඇමති කියයි

Mohamed Dilsad

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

Mohamed Dilsad

දින නියමයකින් තොරව අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ

Mohamed Dilsad

Leave a Comment