ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් රේගුවේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 5 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ, ගුවන් මගියෙක් අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සැකකරු වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරියෙකි.

ඔහු රැගෙන ආ ගමන් මල්ලේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

මෙම සැකකරුට රුපියල් 50,000 ක දඩ මුදලක්  නියම කර ඇති අතර මෙම දුම්වැටි තොගය රාජසන්තක කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කැඳවිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට උපදේශක මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment