ප්‍රමුඛ පුවත 1

පිළියන්දල පොලිතීන් කර්මාන්ත ශාලා 5ක් වටලයි

(UTV| කොළඹ) – රජය මඟින් තහනම් කරන්නට යෙදුනු පොලිතීන් නිෂ්පාදන තවදුරටත් ඇතැම් තැන්වල භාවිතයට ගැනීම පිළිබඳව වාර්තාවීමත් සමඟ මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකක ඒකාබද්ධව, හදිසි වැටලීම් මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ යටතේ පසුගිය සිකුරාදා දින පිළියන්දල ප්‍රදේශයේ පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා 05ක හදිසි වැටලීමක් ක්‍රියාත්මක කළ අතර ඔවුන් සියලු දෙනාම ජෛව හායනයට ලක්වන පොලිතීන් නිෂ්පාදනය කරන බැව් අනාවරණය විය.

එම පොලිතීන් නිෂ්පාදකයින් මේ වන විට, පරිසරයට හානිදායක පොලිතීන් නිෂ්පාදනයෙන් මුළුමනින්ම බැහැර වී සිටින අතර, දිරාපත්වීමට ලක්වන පොලිතීන්  හෙවත් ජෛව හායනයට ලක්වන පොලිතීන් තොග වශයෙන් නිෂ්පාදනයට පෙළඹී තිබීම හඳුනාගත හැකි විය.

පොලිතීන් නිෂ්පාදකයින් කිහිපදෙනෙකු පමණක් රහසිගත ආකාරයෙන්  තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනයට කටයුතු කරන බවත්, ඇතැම් තොඟ වෙළෙඳුන් රහසිගත අයුරින් ඒවා අලෙවිකරන බවත් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව දීප ව්‍යාප්ත මට්ටමින් වැටලීම් කටයුතු කරමින් වැරදිකරුවන්ට නීතී මඟින් කටයුතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගනිමින් පවතී.

විශේෂයෙන් මේ වන විට පරිසර පොලිසියත් සමඟ ඒකාබද්ධව වැටලීම් කටයුතු සිදුකරන අතර, පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදකයින්, විකල්ප නිෂ්පාදනයන් වෙ‍ළෙඳසැල් වලට  ඉදිරිපත් කර තිබීමත් යහපත් ප්‍රවණතාවක් වේ.

පරිසර හිතකාමී සමාජයක් හෙට දවසේ රට තුළ ස්ථාපිත කරලීම සඳහා ගෙන ඇති මෙවැනි පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාවගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් වැදගත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හික්කඩුවේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

ළමුන් පාසැල් වලට ඇතුළත් කිරීමේදී අදායම් බදු ගෙවන්නන්ට විශේෂ සැලකිල්ලක්

Mohamed Dilsad

අද මධ්‍යම, උතුර සහ ඌව පළාතේ දමිළ පාසල් වැසේ

Mohamed Dilsad

Leave a Comment