ප්‍රමුඛ පුවත 1

ජපාන – ශ‍්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| ජපානය) – ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ආයෝජන සමුළුවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.

දෙරටේම ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේදී දෙරට අතර ආර්ථික බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද පුළුල් අවධානය යොමු කෙරිණි.

ක්ෂේත‍්‍ර රැසක නව ආයෝජන සඳහා ඉඩ ප‍්‍රස්ථා රැුසක් අද ශී‍්‍ර ලංකාව තුළ පවතින බවත් ඒ සඳහා තමන් ජපාන ආයෝජකයින්ට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා එහිිදී පැවසීය.
ආයෝජකයින් ඇමතු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සඳහන් කළේ, ජපානය සහ ශ‍්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ ක්ෂේත‍්‍ර ගණනාවකදී සහයෝගයෙන් කටයුතු කරන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරයත් සමග එම සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.
ජපාන පාර්ලිමේන්තු, ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතා ද මෙම හමුවට එක්ව සිටියේය.

ඉන් අනතුරුව ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ (JETRO) සභාපති හිරෝකි ඉෂිගේ (Hiroyuki Ishige) මහතා ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ජපාන වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන සේවාවන් සපයන ප‍්‍රමුඛ රාජ්‍ය ආයතනයක් වන ජෙට්රෝ ආයතනයේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව කරුණු දැක්වූ සභාපතිවරයා, එම කටයුතු ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

අනතුරුව ජනාධිපතිතුමාව හමුවූයේ ජයිකා ආයතනයේ සභාපතිි ෂිනිචි කිත ඕකා (Mr. Shinichi Kitaoka) මහතායි.

ජයිකා ආයතනයේ සහයෝගයෙන් දැනට ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක සෙසු සංවර්ධන ව්‍යාපෘතිවල කි‍්‍රයාකාරිත්වය සහ ප‍්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්විය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ සෑම අවස්ථාවකම දේශීය ව්‍යාපාරවලට මුල්තැන දෙමින්, විදේශීය ආයෝජන කි‍්‍රයාත්මක කිරීම තම රජයේ ප‍්‍රතිපත්තිය බවයි. රටක් ලෙස රටේ ජනතාව දිරිමත් කළහැකි හා ඔවුන්ට ස්වෝත්සහයෙන් නැගී සිටිය හැකි ව්‍යාපෘතිවලට සහය වන ලෙස මෙහිදී ජයිකා ආයතනයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා, අද ශී‍්‍ර ලංකාවට වඩා වැදගත් වන්නේ පොදු ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය කුඩා සහ මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බව ද කියා සිටියේය.
ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහයවීමට ද මෙහිදී සභාපතිවරයා කැමැත්ත පළ කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ලබන 15 වනදා සිට

Mohamed Dilsad

ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම අද

Mohamed Dilsad

ජනාධිපති යලි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment