ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජලජ පැලෑටි පටක රෝපණ විද්‍යාගාරය විවෘතයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ජලජ පැළෑටි වගාවට නව පනතක් එක් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් අප රටේ ප්‍රථම ජලජ පැළැටි පටක රෝපණ විද්‍යාගාරය WET LAB රම්බඩගල්ලේ ජලජීවි වගා මධ්‍යස්ථානයට අනුබද්ධව පසුගියදා විවෘත කෙරිණි.

ජලජ පැළෑටි වගාව තවමත් අප රටේ ජනතාව අතර පුළුල් ලෙස ව්‍යාප්ත වී නොමැත. එහෙත් වර්තමානයේ  ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල ජනතාව භාවිතා කරන මුහුදු ආහාර අතර ජලජ පැළෑටි බහුල වශයෙන් යොදා ගනී. අධික ප්‍රෝටීන සහිත හා සෞඛ්‍යසම්පන්න ආහාරයක් වන ජලජ පැළැටි අපනයනය මගින් ඉහළ ආදායමක් උපයාගැනීම මෙන්ම අප රටේ ජනතාව අතර එම වගාව ප්‍රචලිත කිරීම මෙහි අරමුණයි.

පසුගිය වසරේ දී අප රටෙන්  විදේශ රටවලට අපනයනය කර ඇති ජලජ පැළෑටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 52කි. එමගින් රුපියල් මිලියන 50ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකිවිය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත වු අතර එම අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා හා නැක්ඩා ආයතනයේ සභාපති උපාලි මොහොට්ටි මහතා ද සහභාගි වූහ.

මෙම විද්‍යාගාරය ඉදි කිරීම සඳහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 35කි. එහි දැනට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින ජලජ පැළැටි රැසක පටක රෝපණය සිදු කෙරේ. එමෙන්ම ඒවා වගා කර මහජනතාවට වගා කර්මාන්තයක් වශයෙන් ඇරඹීම සඳහා අලෙවි කිරීම ද සිදු කෙරේ.

වර්තමානයේ දී අප රටේ ධීවර සංවර්ධන කටයුතු වෙනම ආර්ථික අංශයක් වශයෙන් සංවර්ධනය වෙමින් තිබෙන බවත්  අපේ රට සංවර්ධනය කළ හැකි ප්‍රධාන අංශ දෙකක් තිබෙන අතර  එකක් ධීවර අංශය සහ අනෙක සංචාරක අංශය වන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ පසුගිය වසර තුළ අප රටේ අපනයන ක්ෂේ ත්‍රය ගත් කළ එහි ප්‍රධානම දායකත්වය ධීවර හා ජලජීවි වගා සංවර්ධන අංශය විසින් ලබා දී තිබෙන බවයි.

අපේ රටේ අපනයනයෙන් වැඩිම ආදායම උපයපු වර්ෂය තමයි පසුගිය 2017 වර්ෂය බවත් ඒ වගේම ඉදිරි අනාතය කොයිතරම් යහපත් ද කියලා රටේ ජනතාවට නිවාඩු තියෙන වෙලාවක මොරගහකන්ද- කළුගග ජලාශ බැලීමට ගොස් දකින්න පුළුවන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මින්පස්සේ අනුරාධපුර , පොලොන්නරුව දිස්ත්‍රික්කයට කවදාවත් ජල හිගයක් නොවන බවත් කන්න දෙකම වගා කරන්නට හැකි විදියට ජලය ලබාදීමට හැකිය. ඒ වගේම ඒ ප්‍රදේශවල විශාල සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

ගම අවුලන ගිනි ගෙඩි දෙන විතරක් නොවෙයි රටම අවුලන්නට කටයුතු කරන අයට තරාතිරම නොබලා , පුද්ගලයා නොබලා, අවශ්‍ය දඩුවම් දෙන බවත් ඒ සඳහා තිබෙන නීති ප්‍රමාණවත් නැත්නම් අලුත් නීති හදලා හරි අපි ඒ පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සියළු බස් රථ වලට අද සිට සුභාවිත ගීත එකතුවක්

Mohamed Dilsad

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යලිත් විවෘත වරෙන්තුවක්

Mohamed Dilsad

Leave a Comment