ප්‍රමුඛ පුවත 1

ලෝක තෙත්බිම් දිනය සැමරේ

(උදයම්,කොළඹ) – ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.

“ආපදා ව්‍යසන අවම කිරීම සඳහා තෙත්බිම් සුරැකීම”මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ජෛව විද්‍යාත්මකව, පරිසර විද්‍යාත්මකව මෙන්ම ආර්ථික වශයෙන් වැදගත් මෙහෙයක් ඉටුකරන තෙත්බිම් පරිසරය ආරක්ෂා කරගැනීමෙහිලා ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවකු ලෙස ක්‍රියාකරයි.

වර්තමානයේ තෙත්බිම් පරිසර පද්ධතිය සඳහා තර්ජන එල්ලවී ඇති බැවින් තෙත්බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම ජාතික වගකීමක් බවට පත්ව තිබේ.

මෙවර ලෝක තෙත්බිම් දිනය සැමරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව බත්තරමුල්ල, වොටර්ස් එජ්හිදී අද(02) සිදුකිරීමට නියමිතය.

Related posts

නාදුනන මළ සිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

පොහොට්ටුවේ මංගල රැළිය අද අනුරපුරෙන් පටන්ගනී ?

Mohamed Dilsad

බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්

Mohamed Dilsad

Leave a Comment