ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය අභවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්දී සිටියදී ඊයේ (14) දහවල් එඩ්නා සුගතපාල මහත්මිය මිය ගොස් තිබේ.

මිය යන විට ඇය 72 වැනි වියෙහි පසු වූවාය.

ඇය “සැනසුම කොතැනද ” චිත්‍රපටයේ එන සුළං කුරුල්ලෝ ” ගීතය සඳහා පෙනීසිටිමින් රංගනයට පිවිසියාය.

එඩ්නා සුගතපාල මහත්මිය ‘සුරයන්ගෙ සුරයා”,  “මිරිගුව‘, ‘වීදුරු ගෙවල්‘ ඇතුළු චිත්‍රපට රැසකට හා ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී ඇත.

අගේ අවසන් චිත්‍රපටය වන ‘ඉස්කෝලෙට මං ආවා” ඉදිරියේදී තිරගතවීමට නියමිතය.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහිව කිසිඳු චෝදනාවක් බුද්ධි අංශ වාර්තාවේ නැහැ – අගමැති

Mohamed Dilsad

සයිටම් ආයතන ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

පාදෙණියට එරෙහි නඩුවට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment