ප්‍රමුඛ පුවත 1

ෆේස්බුක් බලධාරීන් අද දිවයිනට – අගමැති කියයි

(UTV| කොළඹ) – ඉදිරියේදී රටේ සමාජ ඡාලා මාධ්‍යයන්හි ක්‍රියාකාත්රීත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද(15) ෆේස්බුක් බලධාරීන් දිවයිනට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ(14) පෙරවරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ“එක් අතකින් සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම තුළින් ඒ හරහා කෙරෙන ධනාත්මක ක්‍රියා නතර වූ විට එයින් සමාජයට හානියක් සිදු වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට, පණිවුඩ හුවමාරුවට මෙන්ම ආර්ථිකයට හානියක් වෙනවා”
අප මෙහි ධනාත්මක භාවයෙන්  ප්‍රයෝජනයක් ලබා ගන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි. එම ධනාත්මක භාවයෙන් සැබෑ ප්‍රයෝජනය ලබා ගන්නට නොහැකි නම් සමාජයට විශාල හානියක් සිදු වේ.
එම ධනාත්මක කටයුතු කඩාකප්පල් කිරීමට අපට අවශ්‍ය නැහැ. අනෙක් අතට සමාජ මාධ්‍ය ජාලා තුළින් සමාජයේ එදිනෙදා ජීවිතය කඩාකප්පල් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමටත් අවශ්‍ය වන්නේ නැහැ. මහනුවර ඇති වූ සිද්ධිය මීට හොඳම උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි.
මහනුවර සංචාරක ව්‍යාපාරය දෙස බලන්න. මහනුවර තිබෙන හෝටල් සංඛ්‍යාව ඉතා සීමිතයි. නිවෙස්වල කාමර පවා සංචාරකයන්ට ලබාදෙන ව්‍යාපාරයක් මහනුවර ක්‍රියාත්මක වෙනවා. එම ව්‍යාපාරය දියුණුවට පත්වූයේ ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය ජාලා සහ සන්නිවේදන ක්‍රම නිසයි.
විශාල සංචාරක පිරිසක් වර්තමානයේ දී මහනුවරට එනවා. මෙම ක්‍රමවේද නිසා මහනුවර සංචාරක ව්‍යාපාරය විශාල ලෙස දියුණුවට පත් වුණා.
අනෙක් අතට මෙම ක්‍රමවේදයෙන්ම ලබාදුන් වෛරී සහගත පණිවුඩ නිසා ඇති වූ කෝලාහලයෙන් මහනුවර සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. යමුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

70 වැනි නිදහස් සැමරුමට සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

ගැටුමකින් 9ක් රෝහලේ

Mohamed Dilsad

නිරිත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි හා සුළං

Mohamed Dilsad

Leave a Comment