ක්‍රීඩා

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්-අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

(UTV| කොළඹ)  – නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශය සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 176ක් රැස්කරගත්තේය.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ශර්මා පන්දු 61කදී ලකුණු 89ක් රැස් කළහ.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුලත් විය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුරේෂ් රයිනා පන්දු 30 කදී ලකුණු 47 ක් රැස්කරගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 5 ක් සමඟිනි.

පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් කඩුලු 2 ක් දවාගැනීමට රුබෙල් හුසේන් සමත් වුනේ ලකුණු 27 ක් ලබාදෙමිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 159ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තේ මුෂ්ෆිකර් රහීම් ගේ පිතිකරණයයි.

තරඟය නිමවන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටි මුෂ්ෆිකර් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 72කි.

පන්දු 55කට මුහුණදුන් ඔහු සිය ආරක්ෂාකාරී ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුලත් වුණි.

ඉන්දීය පන්දුයවන්නන්ගේ බලඇණිය අසරණ කළ ඔහුගේ ආක්‍රමණශීලී පිතිකරණය විචාරකයින්ගේ විශේෂ ඇගයීමකට ලක්විය.

කෙසේ වෙතත් අවසානයේ ජයග්‍රණය හිමිවූයේ ඉන්දීය කණ්ඩායමටයි.

ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

උපුල් තරංග විශේෂ පොලිස් ඒකකය හමුවට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment