ප්‍රමුඛ පුවත 1

ඇමරිකාවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නෑ.රජයෙන් සහතිකයක්

(උදයම්,කොළඹ)  – ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිණී කොළොන්න මේ බව කියා සිටියේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලේ ශ්‍රී ලාංකිකයන් ඇතුලූ රටවල් විස්සක පුද්ගලයින් 71 දෙනෙකු සිරවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පලවිය .

මේ පිළිබඳව කල විමසීමකදී ඇය කියා සිටියේ මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ ඇමරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා මේ සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකළ බවය.

කෙසේ වෙතත් තවදුරටත් මේ පිළිබඳ සොයාබැලීමට අවශ්‍ය නම් දුරකථන අංක 00 1 91 75 97 70 09 න් නිව්යෝක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතිය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව පවසයි.

ඇමරිකාවේ නව සංක්‍රමණික නීති පැනවූ රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බවයද ඇය සඳහන් කලාය.

Related posts

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඉවත් කෙරේ

Mohamed Dilsad

අවම මිලක් යටතේ අමතර විදුලිය මෙගාවොට් 500 ක් ජාතික පද්ධතියට එක් කරනවා – විදුලි බල ඇමති

Mohamed Dilsad

රත්ගම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 07 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment