ප්‍රමුඛ පුවත 1

දියණිය කුකුල් කුඩුවට දැමු මව අත්අඩංගුවට

(UTV| මහනුවර) – තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දැමු මව පොලිසිය මගින් අත්අඩංගුවට ගනී.

ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ (18) මහනුවර,හේවාහැට,රහතුන්ගොඩ ප්‍රදේශයේදී 28 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ දියණිය ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

ඇය උත්සවයකට සහභාගීවීම සඳහා මෙලෙස සිය දියණිය කුකුල් කුඩුවට දමා ගොස් ඇති බව අනාවරණය විය.

මීට පෙර ද මව විසින් මෙවැනි ක්‍රියා සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

අදාළ දැරිය හේවාහැට ප්‍රදේශයේ විද්‍යාලයක පස්වන වසරේ ඉගෙනුම ලබයි.

දැරියගේ පියා කුලී වැඩ කරන අතර, ඔවුන්ට තවත් වයස අවුරුදු 03ක කුඩා දරුවෙකු සිටින බව පොලීසිය පවසයි.

මෙම දියණිය ආබාධිත තත්ත්වයෙන් පසුවන නිසා මෙලෙස ක්‍රියාවක් කරන්නට ඇති බව විශ්වාස කරයි.

සැකකාර මව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති මහින්දට එරෙහි පෙත්සම විභාගය 30 වනදා

Mohamed Dilsad

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් – ලංකා පරිවර්තන සමූහය.

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment